දේශපාලන

පිල්ලෙයාන් ගේ රහස් රැසක් ස්විස් රටෙන් එළියට

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති චන්ද්‍රකාන්ත් පිල්ලෙයාන් ගේ විදෙස් සබඳතා රැසක් හා ගනුදෙනු රැසක තොරතුරු ලොවට අනාවරණය වෙමින් තිබේ.
පිල්ලෙයාන් සහ ඔහුගේ සමීපතමයන් ඉතා කෙටි කලක් තුල දී මහා ධන කුවේරයින් වූයේ කෙසේද යන්න දමිළ ජාතිකයන් පිරිසක් විසින් විවධ වාර්තා මගින් ප්‍රශ්න කරමින් සිටීම විශේෂත්වයකි.

පිල්ලෙයාන්ගේ මුදල් ලෙස සැලකෙන ලංකා මුදලින් රුපියල් දහසය කෝටියක පමණ මුදලක් ස්විස් බැංකුවක තැනපත් කර ඇතැයි පවසන ඔවුන් ඒ වෙනුවෙන් ස්විස් හි වෙසෙන එල්ටීටීඊ හිටපු ක්‍රියාකාරිකයෙක් ගේ සහාය ලබාගෙන ඇත. ඔහු ඔහු කනපතිපිල්ලෙයි තුරෙයිනායගම් ලෙස හඳුනාගෙන තිබේ.

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ මඩකළපුවේ ඉන්ධන පිරවුම්හලක් සහ තවත් ව්‍යාපාර රැසක් පවත්වගෙන යන බවටද තවත් පිරිසකගෙන් කප්පම් ලබාගනිමින් මඩි තර කරගත් බවටද ඔවුන් චෝදනා කරයි. ස්විස් හෝ යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් දමිළ ජාතිකයන් පිළිබඳ තොරතුරු පිල්ලෙයාන්ට සපයා ඇත්තේ තුරෙයිනායගම් විසින් වන අතර, ඒ අය ලංකාවට පැමිණි පසු කප්පම් ලබා ගැනීමට රඳවා තබා ගත් බවටද සාක්ෂි ඇතැයි ඔවුන් පවසයි.

පිල්ලෙයාන්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජිතයා ලෙස පත්කර ගත් මෙම පුද්ගලයා, කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං වෙළඳ සැලක් (මනමගල් – පංචලිංගම්) රවටා මිලියන ගණනක මුදලක් ද වංචා කැර ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුම්වත් කිරීමට ද පියවර ගන්නා බව දැන ගන්නට තිබේ.

පිල්ලෙයාන් දේශපාලන කටයුතු වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ සංචාරය කළ අවස්ථාවක්