ප්‍රධාන

ඇමති අවුල රටම අවුල් කරන ලකුණු – කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි

Cabinet Crisis A 20170514කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රිමසිංහ තීරණය කර ඇත.

අගමැතිවරයා චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

පවතින ගැටළු විසඳාගන්නා තුරු චීනය සමග හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නොකරන ලෙසද ජනාධිතිවරයා අගමැතිවරයාට උපදෙස් දී අතැයි කියැවේ. ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් චීන බලධාරීන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා යෝජනා කර තිබිණි.

මෙම කැබිනට් සංශෝධනය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සබඳතා අතර ගැටළු සහගත නිර්මාණය කර තිබේ. පවතින කැළඹුම් සහගත දේශපාලන තත්ත්වය නොවිසඳුනහොත් අගෝස්තු මාසයේ සිට තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට සූදානමින් සිටින බව ජනපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම් අගෝස්තු මාසයේ දී සමාලෝචනය කිරීමට යෝජනා වී තිබිණි. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා ප්‍රබල තීන්දුවක් ගන්නා බවට පවසා තිබේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන අනුග්‍රහය දැක්වීමේ ගිවිසුමේ පිටපතක් කල්වේලා ඇතිව ජනපතිවරයාට දී තිබුණේ නැති බවද දැනගන්නට තිබේ.

මේ අතර විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මුදල්, මහාමාර්ග, පලාත් සභා හා පාලත් පාලන සහ ධීවර වෙනුවෙන් නව අමාත්‍යවරු පත්වෙන බවයි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර සඳහා වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරයන් යෝජනා කොට ඇත්තේ මෛත්‍රී පාර්ශවයෙන් බවයි.

එමෙන්ම එජාපය ඇති වි තිබෙන අසහනය සඳහා රනිල් පාර්ශවය විසින් විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු, සුජීව සේරසිංහ, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා සඳහා වගකිය යුතු අමාත්‍ය ධූරයන් මෙන්ම මාතර දිස්ත්‍රික්ය නියෝජනය කරන බුද්ධික පතිරණ සඳහා නියෝජ්‍යා අමාත්‍ය ධූරයක් ලබාදීමට යොජානා වි ඇත.

බුද්ධීක පතිරණ මන්ත්‍රීවරයා තමන් ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ඉහළම මනාප ප්‍රතිශතය ලබා ගනිමින් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. ස්ව ශක්තියෙන් මෙන්ම උගතකමින් පරිපූර්ණ දේශපාලනඥයෙක් බවට බුද්ධීක පතිරණ මන්ත්‍රීවරයාට ජනතාසේවයට කැපවීමට ඇති අවස්ථාවන් පිළිබදව මාතර ජනතා බලාපොරොත්තු තබා සිටියද එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දුර්වලතා හෝ පළිගැනීම් හේතුවෙන් ඔහුට නිසි තැන නොලැබීම පාක්ෂිකයන් අතරද කතා බහට ලක්ව ඇති මාතෘකාවකි.

කෙසේ වෙතත් මේ ආදී පක්ෂ අභ්‍යන්තරයේ වන විවිධ හැලහැප්පීම් පිපිරීමක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට මෙම ඇමති මණ්ඩල සංශෝධන ඉවහල්වනු ඇතැයි දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.