ආකල්ප

චතුර සේනාරත්න සත්ත්ව භාෂා විශේෂඥයෙක් බව පළමුවරට සජීවීව ප්‍රසිද්ධ කරයි

Chathura Senarathna s Donky Talk 20170525

සතුන් කතා කරනවා යන්න හෙවත් සත්ත්ව සන්නිවේදනය, අප මෙතෙක් දැන හඳුනා ගත් ආකාරයට වඩා වෙනස්ම ආකාරයට ඔහු අධ්‍යයනය කර ඇති බව පාර්ලිමේන්කු මන්ත්‍රී චතුර සේනාරත්න සජීවීව ප්‍රකට කැර ඇතැයි වාර්තා වෙයි.

ඔහු විසින් එම රහස සජීවී ගුවන්විදුලි වැඩසටහනක දී ලොවට අනාවරණය කැර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ඔහු ගේ පියා වන වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න දන්ත වෛද්‍යවරයෙක් බව දන්නා නමුදු, අප කිසිවෙකුත් නොදැන සිටි කරුණක් වූයේ රාජිත සේනාරත්න ගේ පුත් චතුර සේනාරත්න සත්ත්ව (තිරිසන් සත්ත්ව) භාෂා විශේෂඥයෙක් බව ය.  එය ඔහු විසින් ප්‍රකට කැර ඇත්තේ, නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමිනි.

අප කියැවූ පුවත ක්ෂණයකින් අප මනැස ග්‍රහණය කරගන්නා ආකාරයට නම් චතුර සේනාරත්න බූරු භාෂාව මැනැවින් දත්තෙක් විය යුතු ය. නො එසේනම් ඔහු තමන්ට පැනයක් යොමු කළ ශ්‍රාවකයාට එලෙස පිළිවදන් නොදෙනු ඇත.

අප පරිශීලනය කළ පුවත මෙසේ ය.

– නෙත් ගුවන් විදුලියේ පැවැති වැඩසටහනකට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නට අසන්නනෙකු විසින් ඉදිරිපත් කල පැනයක් හේතුවෙන් කෝපයට පත් වූ මන්ත‍්‍රිවරයා ‘බූරුවෙක් වගේ කතා කරන්න එපා’ යයි සජීවීව කියා සිටියේය. –

මෙම පුවතට අදාළ හඬ පටිගත කිරීමට පහත විද්‍යුත් ඇමිණුම ඔස්සේ සවන් දිය හැකිය.

– “‘බූරුවෙක් වගේ කතා කරන්න එපා..’- චතුර සජීවී වැඩසටහනකදී පේ‍්‍රක්‍ෂකයෙකුට අමතයි.. “-