ප්‍රධාන විනෝදාස්වාද

සිල් රෙද්ද පුදුමයට කාරණයක් නම් බැඳුම්කරේ බියවීමට කාරණා සහිතයි

ලලිත් වීරතුංග නඩු තීන්දුව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ පුදුම වූවා නම් මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ඔහු බිය විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියයි.

දිසානායක මහතා ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව මුල සිට මේ දක්වා පරීක්ෂණ සිදු වූ ආකාරය මෙන්ම එය යට ගැසීමට ගත් විවිධ උත්සාහ හා මේ වන විට ජනපති කොමිසම හරහා හෙළිදරව් වන කරුණු අනුව අගමැති වික්‍රමසිංහ බිය විය යුතු ප්‍රබල වංචාවක් බවට බැඳුම්කර වංචාවද ඉවහල් වී ඇති බවය.

පසුගියදා සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගත් තීන්දුවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මුණ ගැසුණු අතර එහිදී අගමැතිවරයා පුදුමයට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට පැවැසූ බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මන්ත්‍රිවරයා පවසන්නේ ඔවුන් මුණගැසුණා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ලලිත් වීරතුංග නඩුවට අභියාචනයක් ඉදිරිපත් කරන බව පවසා ඒ මුවාවෙන් එයිනුත් මුදලක් කඩා ගැනීමේ උත්සාහයක් දරන බවත් මෙය අධිකරණයට සිදුකරන අනියත බලපෑමක් බවත්ය.