විනෝදාස්වාද

අරුන්දික අද උදේ ජනාධිපති හමුවීමට ගියේ ඇයි ?

ඊයේ ඇමතිධුරයෙන් ඉවත් කළ පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු අද 2017 සැප්තැම්බර් 13 උදේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමුවී අවශ්‍යතාවයෙන් ජනාධිපති මන්දිරයේ තැත් ගැහෙමින් සිටින බවත්, ඒ රැුඳී සිටියේ ඒකාබද්ධ විපක්ෂයට එක්වන ආරංචි පසෙක ලා යළිත් ජනාධිපති සමග එක්වන බවටත් සමාව අයැද සිටීමට බවට අන්තර්ජාල පුවත් පළවෙමින් තිබේ.

මේ පිළිබඳව ‘‘ලංකාසිටිසන්’’ හි අපි අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගේ සමීප ආරංචි මාර්ගවලින් විමසන ලදුව ඔවුන් පවසා සිටියේ එවැනි කිසිදු ආපසු ආණ්ඩුුවට යාමේ බලාපොරොත්තුවක් අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා තුල නැති බවකි.

අද උදෑසන ජනාධිපති හමුවීම සනාථ කළ එම් ආරංචි මාර්ග පවසා සිටියේ, අරුන්දික ප‍්‍රනාන්දුට හිමි මන්ත‍්‍රී ආරක්ෂක නිලධාරීන් තිදෙනා පිළිබඳව ගැටලුවක් නිරාකරණය කැර ගැනීමට එහි ගිය බවකි.

කෙසේ වෙතත් අරුන්දික ප‍්‍රනාන්දුට කෝටි 5 ක මුදලක් ලබා දී ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරු බිළීබාගැනීමට දරන උත්සාහයන් වාර්තාවීම පිළිබඳව එම පාර්ශවය සඳහන් කළේ මේ වාර්තා සත්‍යයක් නම් ආණ්ඩුවට වඩා ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත්ය යන්න ඉන් පණිවුඩයක් සමාජ ගත කරවන බවකි. කෙසේ වෙතත් මුදල් හුවමාරුවක් පිළිබඳව යම් සැකයක් ඇතිනම් ඒ පිළිබඳව නීතිමය කටයුතු නොකරන්නේ මන්දැයි තමන්ට ප‍්‍රශ්නයක් පැන නගින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ පිළිබඳව මෛත‍්‍රී හිතවාදී වෙබ් අඩවියක් පළකළ වාර්තාව මෙතැනින් කියවන්න.