ව්‍යාපාරික

ජනපතිගේ මයිලෝ ප්‍රකාශය සහ මිලියන ගණනක අල්ලස් කුට්ටිය – නිරීක්ෂණ වාර්තාවක්

නිරෝ්ගිමත් දිවියක් ගත කිරීම උදෙසා ජනතාව දැනුවත් කිරීමේ පාගමනකට ජනපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වෙමින් එක්වරම නෙස්ලේ සමාගමේ මයිලෝ (Ready to Drink) නම් නිෂ්පාදනයක් අතට ගෙන එහි සීනි ප්‍රථිශතය වැඩි බවත්, ඒ හේතුවෙන් අදාළ නිෂ්පාදන පරිහරණය කිරීමෙන් වැලකී සිටින ලෙසටත් ජනතාව දැනුවත් කරන බවක් ප්‍රද්ර්ශනය කරන ලදී.

එසේම මයිලෝ සමාගමට ජනාධිපතිවරයා දැනුම් දුන්නේ එහි සීනි ප්‍රථිශතය 5% මට්ටමට පහත හෙලන ලෙසත් එසේ නැතහොත් එම පැකට්ටුවක් තමන් යන සෑම තැනකටම රැගෙන ගොස් ඒවා මිලදී නොගන්නා ලෙස ජනතාව දැනුම්වත් කරන බවත් ප්‍රකාහ කළේය. මේ ප්‍රකාශයත් සමගම මෙරට නිෂ්පාදන අලෙවියේ නියුතු කිරිපිටි සමාගම් තැතිගැන්මකට ලක් වී ඇති බවත්, ඒමෙන්ම මෙවැනි ප්‍රකාශයක් රටක ජනාධිපතිවරයෙක් විසින් ප්‍රසිද්ධියේ පැවැසීම පුදුම එලවන සුලු සිදුවීමක් බවටත් ව්‍යාපාරික ලොව කතාබහට ලක් වූ බවටද ආරංචි පැතිර යන්නට වීය.

සාමාන්‍ය වෙළඳපොලේ ඇති නිෂ්පාදනයක් අතට ගෙන එවන් අඩියකට වැටෙන්නට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පත් කළේ කවුරුන්ද යනවගට විමසමින් වෙළදපොල නිරීක්ෂකයින් කළ සමීක්ෂණයක ප්‍රතිඵල මේවනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. අන්තර්ජාල පුවත් හරහා පළවී ඇති සේම අපගේ පුවත් විමසුමට ලැබුණු ඒ තොරතුරු පහත පරිදි වෙයි.

* මයිලෝ රෙඩි ටු ඩ්‍රින්ක් පානයට වඩා සීනි ප්‍රතිශතය වැඩි දියර කිරි පානයන් වෙළඳපොලේ විකිණීමට ඇති බව.
* මේ සඳහා ජනපතිවරයා නොමග යැවීම සඳහා කිසියම් පුද්ගලයෙකු මැදිහත්වී ඇති බව.
* කිරිපිටි සමාගමක් වන ඇන්කර් සමාගම විසින් ඔහු මෙහෙයවා ඇති බව.
* එම පුද්ගලයා හරහා ජනපතිවරයා නොමග යැවීමට රුපියල් කෝටි 20 කට ආසන්න අල්ලසක් ඔහු ලබාගෙන ඇති බව.

ආන්දෝලනයට තුඩු දී ඇති ජනාධිපතිවරයාගේ මයිලෝ ප්‍රකාශය සහ මේ සමීක්ෂණ වාර්තාව සම්බන්ධව අවසානයේ වගකිවයුතු පුද්ගලයෙක් ලෙස හැදින්වෙන්නේ නීතීඥ ශිරාල් ලක්තිලකය. ඔහු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරයි. අපට ලැබුණු වාර්තාවේ මේ නාමය සදහන්වන්නේ සහ ඉතිරිය මෙසේ ය.

* එම පුද්ගලයා ශිරාල් ලක්තිලක බව.

මේ ආකාරයෙන් ඇන්කර් සමාගමේ කොන්ත්‍රාත් ඉටුකිරීමට ජනපති ධූරය වැනි රටට වගකියන තනතුරු යොදා ගැනීම හරහා මෙරට දේශීය වෙළඳපොල දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඒ වාර්තාවේ සඳහන් ය. තව ද ඒ වාර්තාව මෙසේය.

“…ස්වාධීන මතයක් හරහා ජනගත විය යතු ජනපතිවරයාගේ දැක්ම එක් එක් පුද්ගලයන්ගේ හෝ සමාගම්වල අතකොලුවක් නොවී නිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු අවධියක ජනපතිවරයා මෙසේ නොමග යවා සිදුකල ප්‍රහාරය අප තරයේ හෙලා දකිමු.

සීනි ප්‍රථිශතය 20%කට ආසන්න අගයක් ඇති ඇන්කර් සමාගමේ රසකල කිරිදිරය නිෂ්පාදනය ජනපතිවරයාගේ අවධානයට ලක් නොවීම හරහා ශිරාල් සිදුකල ක්‍රමන්ත්‍රණය ඔස්සේ ඔහු රුපියල් කෝටි 20කට ආසන්න අල්ලසක් ඇන්කර් සමාගමෙන් ලබාගෙන ඇත.

ඇන්කර් දියර කිරි පානය හා මයිලෝ පානය අතර ඇති සීනි රස වෙනස ජනපතිවරයාට නොදැනුනේ ඇයිදැයි දන්න ගැටලුවක් ඇත.

නිසැකවම මෙය ජනපතිවරයා නොමග යවා ශිරාල් ලක්තිලක විසින් ඇන්කර් සමාගමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් බව අපට ලැබුනු තොරතුරු ඔස්සේ වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු…“

 

Post Comment