විනෝදාස්වාද

නීතිපතිට බය නැති අගමැති ඉන්දියාවේ පිළිකන්නක ලැග්ගේ කාට බයේ ද ?

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරේදා දිනයේ සිය හදිසි ඉන්දීය ගමනකට එක්ව සිටී. එහි අරමුණ ලෙස ප්‍රකටව ඇත්තේ තිරුපති දේවාලය වන්දනා කර ගැනීමකට ඔහු එහි ගිය බවකි.

තමන් විසින්ම පත් කර ගත් නීතිපතිට පමණක් පෙර සූදානම් කරගත් ප්‍රහ්න කිහිපයකට පිළිතුරු දීමට ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලයට අදාල කොමිසම ඉදිරියට ගිය රනිල් අගමැතිවරයා ඊට පසු දිනම ඉන්දියාවේ තිරුපති  දේවාලය වන්දනාව වෙනුවෙන් පිටව ගොස් ඇත.

දූෂිත ගනුදෙනුවකට පත් කළ කොමිසම ඉදිරියට ගිය අගමැතිට ආවඩන්නට, බය නැති අගමැති යනුවෙන් සිය අනුගාමිකයන් ලවා අලවා ගත් දැන්වීමේ ද තීන්නත හෝ පාප්ප හෝ වේලෙන්නටත් පෙර, නොරටක දේවාලයක අගුපිලක වාඩිවී සිටින රනිල් ගේ පින්තූර සියලු මාධ්‍යයන්හි පලවෙන්නට පටන්ගෙන තිබේ. මේ ඇතැම් පින්තූර පලකරන සමාජජාලා ක්‍රියාකාරීහු විවිධ පැනයන් රනිල් වෙත යොමු කරනු පෙනේ.

මුහුණු පොත සමාජ ජාලයේ අදහස් දක්වන එක් විශ්වවිද්‍යාල ආචාර්යයවරයෙක් පවසා ඇත්තේ රනිල් ඉන්දියාවේ අගුවක ලැග සිටින බවකි.

තවත් අය අපූරු සටහන් යොදා තිබෙනු දක්නට හැකිය.

කෙසේවෙතත්, බය නැති අගමැති මෙසේ ඉන්දියාවේ පිළිකනු ගානේ ලගින්නේ කාට බයේ දැයි විමසන්නට අපටද සිදුවෙයි.

Post Comment