විදෙස්

මෛත්‍රීපාල සිරිසේනගේ හිසට උඩින් උතුරු කොරියාව මිසයිලයක් යවයි : එකටෙක කිරීමක් ද ?

උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව අමෙරිකාව චෝදනා කරයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

එමෙන්ම උතුරු කොරියාව විසින් සාර්ථකව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරටෙහි ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ රාජ්‍යත්‍රාන්තික සංචාරකය යෙදෙමින් සිටි.

මෑතක දී ශ්‍රී ලංකාව විසින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීය. මේ මිසයිල අත්හදාබැලීම් උතුරු කොරියාව සිදු කරනුයේ මේ සම්බාධක ක්‍රියාවලීන් ගණනකට නොගෙන වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගණනාවක වෙසෙන සමාජජාල ක්‍රියාකාරීන් උතුරු කොරියාවේ ප්‍රශ්නය හා ශ්‍රී ලංකාව විසින් තද බල ලෙස උතුරු කොරියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පසුගිය දා සංවාදශීලී වූ අතර අදහස් පලකර තිබෙනු ද දක්නට හැකි විය.

Post Comment