ව්‍යාපාරික

ජනාධිපති සිරිසේනට වැල අල්ලන සුපින්වතාට කතානායක කරූ ජයසූරියත් ගතමනාවක් දීලා..?

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයකට හිමිකම් කියමින් සිට පැදුරටත් නොකියා විදෙස්ගතවූ සුපෙම්වතෙක් ගැන “ලංකාසිටිසන්” අපි වගකීම්සහගතව පුවතක් පළ කළෙමු.

එම පුවත පලවීමත් සමගම කලබලයට පත් වූ ඔහු සහ අන්තේයවාසිකයන් ඔහු නැවත ශ්‍රී ලංකාවට කැඳවා ගත්තේ පසුගිය 21 වන දිනය.

මේ පුවත සමඟ අදාළ තැනැත්තාට ඇති කතානායක කරූ ජයසූරියගේ සම්බන්ධය ද අප හුවා දැක්වීමත් සමගම, මේ පුවත පිළිබඳව ගරු කතානායක කරූ ජයසූරිය මැතිතුමාගේ අවධානයට පාත්‍රවී තිබේ. ඒ සමඟම, පුවතට අදාළ පාලිත ළිහිණිය කුමාරට කරූ ජයසූරිය මැතිතුමා විසින් එතෙක් ලබා දුන් යම් ප්‍රතිපාදනයක් වෙත්නම් එය අත්හිටුවීමට ද පියවර ගෙන ඇතැයි අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. (මේ පිළිබද පැහැදිලිකරගත් තොරතුරු අපි හැකි විගස ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.)

කෙසේ වෙතත්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද වන පාලිත ලිහිණිය කුමාර, “දූෂණ විරෝධී පෙරමුණ” නමැති සංවිධානයෙන්ද දීමනා හෝ වැටුප් හෝ ලබන්නෙකි. මොහු ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ “පුරවැසි අත්වැල” නම් සංවිධාන ව්‍යුහයෙන්ද වැටුප් සහ වරප්‍රසාද භුක්ති විදින බව ස්ථිරය.

යහපාලනය නමින් රටට අඩබෙර ගසන මොවුන් ආයතන කිහිපයකින් වැටුප් හා වරප්‍රසාද ලබමින් වංචාවෙන් කල්ගෙවන සුපින්වතුන් බව නොකියාම බැරි බවත් අපි මෙසේ සටහන් කරමු.

තව ද, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධව වැටුප් ලබන අකලංක හෙට්ටිආරච්චි නමැත්තා ද “දූෂණ විරෝධී පෙරමුණෙන්” වැටුප් හෝ දීමනා හෝ ලබන්නෙක් බවද සැලයි. මොහු අගමැති රනිල් වික්‍රමසිංහ ට ඉල්ලා අස්වෙනු යනුවෙන් ව්‍යාපෘතියක් ද රහසිගතව ආරම්භ කිරීමට ගොස් සමාජ ජාල ඔස්සේ විවේචනයන්ට හසුවූවෙකි.

තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.

– සබැඳි පුවත් –

Post Comment