ප්‍රධාන

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩනැංවීමටයි : රවී කරුණානායක

නිදහස ලබා වසර හැත්තෑවක් ඉක්ම ගිය ද අප ලබා ඇත්තේ ජයග්‍රහණයන්ට වඩා පරාජයන් බවත්, ඒ පිළිබඳව සතුටුවිය නොහැකි බවත්, අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය දියුණු කිරීමට බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේ ය.

රට පාලනය කරන ආකාරය අනුව ගැන සිතා වෙනස් කළ යුතු ලියවිල්ල ආණුඩුක්‍රම වයවස්ථාව බව අපි සැම පිළිගන්නා කරුණක් වුවත් රටේ ආර්ථිකය වර්ධනයට ඉන් ඇතිවන යහපත පිළිබඳව අව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද රවී කරුණානායක මහතා විශේෂයෙන් පැවැසීය.

“..අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට විවාද විටින් විට මතුවුණා. අප අතරින් වියෝ වූ අපවී වදාළ සෝභිත ස්වාමීන්වහන්සේ පවා මේ ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් කැපවුණා. ඒ මැදිහත්වීම විප්ලවීයයි. අප උන්වහන්සේ මේ අවස්ථාවේ සිහි කළ යුතුයි. එමෙන්ම මේ වෙනුවෙන් කැප වී කටයුතු කරන අගමැතිතුමා, ජනාධිපතිතුමා ඇත්ළු මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අප සහාය පළ කළ යුතුයි.  කොසේ වෙතත් අප ඉතා දරැණු ආතාරයට භේදබින්න වී සිටිනවා. මේ තත්ත්වය කනගාටුදායකයි. ජාතීන් අතර විවිධ වෙනස්කම් තිබෙනවා. භාෂා විදියට හා ආගම් විදියට අප ඇතැම්විට වාද විවාද කර ගන්නවා. උඩරට පහතරට හැටියටත් අප භේද වී සිටියා. නමුත් අප මේ තත්ත්වයන් පිටු දැක ඉදිරියට යා යුතුයි.

දේශපාලනිකවත් අප භේද වී සිටියත් සියලුදෙනාට සමානව සැලකුම් ලබන, අයිතිවාසිකම් ලබා දෙන, එකම ජාතියක් සේ සලකන නව සමාජයක් හා නව යුගයක් නිර්මාණය කරන්නට අප දැන් සිටම කටයුතු කළ යුතු වෙනවා.

අපත් සමග එකම කාලයේ නිදහස උරුමකරගත් ජපානය ඒතපුද්ගල ආදායම අතින් සම තැන් ගෙන සිටියා. ඒ ඇමෙරිකානු ඩොලර් 48 ක් ලෙසයි. අද වනවිට ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 51,800 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. කෙසේ වෙතත් ලංකාව තවමත් ඇමෙරිකානු ඩොලර් 4100 කි. එසේනම් නිදහසින් පසු අපගේ ආර්ථිකයේ මෙහෙයවූ නායකයන්ගේ වරදක් සිදුවී ඇති බව පිළිගත යුතු වෙනවා.

අලුතින් හිතන්න, අලුතින් බලන්න, අලුත් වැඩ කරන්නැයි අපිට අපේ සමාජයෙන් ඉල්ලා සිටින්නට වී තිබෙනවා. අපි සියල්ලෝම එලෙස වැඩ කළ යුතුයි. මේ සියල්ලට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම අප ඉදිරියේ ඇති අභියෝගයයි.

මැතිවරණ කාලෙදි අපි හැමෝම කියනවා ජනතාව වෙන්වෙන් කියලා. ඒ වගේම ඒ කාලෙ දි ඔවුන් එක්ක ඉන්නවා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුවේ 225 දෙනාට විතරක් සීමා වෙනවා. මේ තත්ත්වය මැනැවින් තේරුම් අරගෙන අපි අලුතින් හිතමු, අපි අලුතින් ලියමු, අපි අලුත් දේ කතා කරමු. අපි වෙනස් විදියකට කටයුතු කරමු.” යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Post Comment