ආකර්ශණීය

දැක්කෙ නැත්තං මෙන්න ලැම්බෝගිනිය

කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇත.

මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුගේ බිරිදගගේ නමට මෙය ගන්වා ඇති බව සදහන්ය.

තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප‍්‍රශ්නයකදී ඇය සදහන් කර ඇත්තේ තම නමට මෙට ගෙන්වූවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකුට බවයි.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි බවද වාර්තා වෙයි.

එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවත් තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.

* උපුටනය

 

Post Comment