දේශීය

දළ පූට්ටුවාට වෙඩි තැබූ දඩයක්කරුගේ පාපෝච්චාරණය

ගල්ගමුවේ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට සති තුනකට පෙර රාත්‍රියක මොරගොල්ලාගම දඩයක්කරුවන් පිරිසක් බවට අනාවරණය කර ගැනීමට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.

දළ පූට්ටුවා නමැති සද්දන්තයා බිම හෙළීමට වෙඩි ප්‍රහාර එල්ල කළ දඩයක්කරුවන්ගේ නායකයාද සද්දන්තයාට වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 වර්ගයේ ගිනිඅවියක්ද අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ ඝාතනයේ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නායක දඩයක්කරු වන හේරත් මුදියන්සේලාගේ රන්බණ්ඩා ඇතුළු හය දෙනකු නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් 30 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සැකකරුවන් හය දෙනාම මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදා ගන්නා කියත් පටි 03ක්, අත් කියතක කොටසක්, ඇත් දළවලින් සාදන ලද සිංහ රූප සහිත පෙන්ඩන්ට් 02ක්, ඇත් දළ කොටසක්, කුඩා ගජමුතුවක් සොයා ගැනීමට හැකි විණි.

එම නායක දඩයක්කරුට ගල්ගමුවේ දළ පූට්ටුවාව මරා දමා ඇත් දළ දෙක කපා ගන්නා ලෙසට දන්වා ඇත්තේ දැනට මේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හේරත්ගම ග්‍රාම සේවක නිලධාරියා වන අසංක සෙනරත් බණ්ඩාර විසින් බවද දඩයක්කරු පාපෝච්චාරණය කර ඇත.

චාමර අමරසූරිය

මේ තවත් සවිස්තර වාර්තාවකි.
—————-

වෙඩි තබා ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පුට්ටුවාගේ මළසිරුර කහල්ල-පල්ලෙකැලේ අභයභූමි රක්ෂිතයේ හොරොව් වැව ඉස්මත්තේ ඝන කැලෑබඳ ප්‍රදේශයක තිබියදී 29 වෙනි දින පස්වරුවේ විශේෂ කාර්ය බලකාය මගින් සොයා ගෙන ඇති බව වනජීවී අංශ සදහන් කරයි.

හමුවී ඇති මළ ඇත් සිරුර මිට මාසයකට පමණ පෙර පෙර මියගිය ඇතෙකුගේ බවද වනජීවී අංශ කියා සිටියි. ඇත්දල  කැපු ලකුණු  පැහැදිලිවම  දැකගැනිමට හැකිවු බවවත් හමු වු සිරුර බෝහොවිට  ගල්ගමුවේ දලපූට්ටුවා ගේම විය හැකි බවද වන ජිවි අංශ විශ්වාස කරයි .

ඉකුත් 22 වෙනි දින රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේ දි  සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි

ඉකුත් 25 වෙනි දින සිට වනජීවී නිලධාරීන් අතුරුදහන්වූ දළ පුට්ටුවා සොයා ආරම්භ කර තිබු මෙහෙයුමට වනජිව් අමාත්‍ය වරයාගේ උපදෙස් මත (පසුගිය බදාදා 11 29 ) විශේස කාර්ය බලකාය,පොලීසය,සිවිල් ආරක්ෂක බලකය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. මෙම මෙහේයුම දලපුට්ටුවා සැරිසැරැ කහල්ල රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව  වර්ෂාවද නොතකා සිදුකල අතර  බදාදා හවස් වන විට ඇත් සිරුර  සොයා ගැනිමට  හැකි විය.

වයස අවුරුදු 44 ක් වන දළපුට්ටුවා ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වාසය කල සද්දන්ත ඇතෙකි.  පරිසර හිතකාමින් ගල්ගමුවේ දලපුට්ටුවා නම් වු මෙම ඇතාගේ ජිවිතය අණතුරේ බව නිතර නිතර  පෙන්වා දුන්නේය.  ඒ මෙම ඇතාට කීප අවස්ථාවකදිම වෙඩි තබා තිබිම හෙතුවෙන් හා මාධ්‍ය මගින් මෙම ඇතා නිතර නිතර පෙන්විම නිසා ජාවාරම් කරුවන්ගේ ඇස ගැටිම නිසාවෙනි. එනිසාම  වනජිවි නිළධාරින්ගේ අවධානය ලබා තිබු ගල්ගමුවේ ඇතා    ඉකුත් ඔක්තෝම්බර් මස මුල් සතියෙන් පසු වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී නොතිබූ අතර අවසන්වරට හේරත්ගම -මහා කිරිල්ල හා කුඩා කිවුල වැව ඉස්මත්තේ  සරිසරමින්සිට ඇති බව වනජීවී අංශ කිය යි.

ඉකුත් 22 වෙනි  දින සුඛෝපබෝගි  මොටර් රථයකින් ගොස්  රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට උත්සහාකිරිමේදි  සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු  ගල්ගමුවේ දලපූට්ටා නැවැත වනජිවි නිලධාරින් ට හා රටට මාතෘකාවක් බවට පත්විය.  ඒ අනුව  ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා  විවිධ ආකරයේන්  මෙහෙයුම ආරම්භ කෙරිණි. ඒ අනුව ඇත්දල හා ගජමුතු විකිනිමට ගොස් හසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  ගල්කිරියාගම පොලිස් වසමේ  තිදෙනාගේන් එක් අයෙකුගේ  ඉඩමක් හා වනාන්තර ප්‍රදේස  යන්ත්‍ර යොදා ගෙන කැනිම් කලේය.

ඇත්දල විකිණිමට ගොස් අසු වි ඇත්තේ ගමබාරදුන් රජයේ නිළදාරින් දෙපලකි. ඒ ගල්කිරියාගම  ප්‍රදේශයේ  ග්‍රාම සේවා නිලධාරි වරයකු හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකි. මිට  අමතරව තවත් එක් සැකකරුවෙකු ද  වැටලිමෙදි  පොල්පිතිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සැකකරුවන් සමග  ඇත්දල ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගැනුණු මෝටර් රථයේ අංකය ව්‍යාජ ඒකක බවටද තොරතුරු අනාවරණය වී ඇත.

ගල් ගමුවේ ඇතා දැන් මරා අවසන්ය   සුපුරුදු පරිදි ඇත්කුන පිලිබදව පරික්ෂණ සිදුකරිමට වනජිවි ඇමැති වරයා නියොග ලබා දුන්නේය  . වනජිවි දොස්තරලා එය සිදු කරණු ඇත.  සැකකරැවෝ  හො වෙනත් පුද්ගලයකු හෝ මෙම ජාවාරම මේහෙයු පුද්ගලයන් හෝ වෙනත් අය අල්ලනු ඇත. ඒහෙත් මෙරට වනාන්තර වල සිටින සීමිත ඇත් හා අලි රැක ගැනිමට විශේෂ වැඩපිලිවෙලක් සැකසෙන් ඇද්ද? මෙ අන්දමේම අලි ඇත්තු තවත් කෙතරම් ප්‍රමාණයක් අනාරක්ෂිත වි ඇද්ද ?  අලි ඇතුන් කෞතුකාගාර වලින් දිනය වැඩි ඈතක නොවනු ඇත.

සියළු පින්තූර මෙතනින්

– මහින්ද උදයසිරි රත්නායක

දළ පූට්ටුවා මරා දැමීම ගැන පරීක්ෂණ කරන්නැයි CIDට නියෝග

පසුගිය දිනවල දී වාර්තාවූ දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී. ඩී. වික්‍රමරත්න ට නියෝග කරන ලදී.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

“ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතා ගේ දළ යුගල පසුගිය දා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ඇතාගේ සිරුරද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමුවුණා. ඒ වගේම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූණා. කතරගම ප්‍රදේශයේ දී  ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවුණා.

එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  මහතාට නියෝග කළා.

මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාය එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ජාලයක් තිබේද එසේ ක්‍රියාත්මක සංවිධානාත්මක ජාලයක් තිබේනම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදුකළ යුතු නිසා මේ පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරන්න කටයුතු කළේ.” යැයි අමාත්‍යවරයා කීය.

– දිලංක ගුණතිලක

 

Post Comment