ප්‍රධාන

මෛත්‍රී ගේ කොන්ද ශක්තිමත් කරන්නට තව දෙදෙනෙක් ගාටන හැඩ

ශ්‍රී ලංකාවේ දේශපාලන බිම අවිනිශ්චිත මෙන්ම පුදුම එළවනසුළු ඛේදාන්යන්ද සටහන් කරන්නේ අනාදිමත් කාලයක සිටය. විශේෂයෙන් නිදහසින් පසු ශ්‍රී ලංකීය දේශපාලනය ශ්‍රී ලාංකික අනන්‍යතාව තවදුරටත් රැක ගනිමින් පැවැතුණාද යන සැකය ද තව තවත් තීව්ර කළේය.

මැතිවරණ ක්‍රමයටකට හා වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායන්ට නතුවූ ශ්‍රී ලාංකේය දේශපාලනික සටන් බිම අවශේෂ නෂ්ටාවශේෂයන් තවමත් කටයුතු කරන්නේ අවිනිශ්චිතව ය. 2014 නොවැම්බර් මස 20 හා 21 දෙදින මෙන් ස්මරණීය දිනයන් ඊට පෙරද නැතුවා නොවේ. මේ වනවිට විප්ලවීය පක්ෂ දේශපානයේ අභ්‍යන්තරය ගලවාගෙන පැමිණි ඇතැම් වාහකයන් වත්මන් නවාතැන ද හැර යන තත්ත්වයක් පෙන්නුම් කරයි.

විමල් වීරවංශගේ පක්ෂයේ අභ්‍යන්තර මතගැටුම් ඒ අවිනිශ්චිතබව අදට සාපේක්ෂව ප්‍රකට කර තිබේ. හේතුවක් සොයාගෙන ඉන් ගැලවී ගිය මෑතකාලීන ප්‍රම්‍රඛයා පියසිරි විජේනායක වූ අතර, දෙවනුව එහි ලේකම් ප්‍රියන්ජිත් ය. තෙවනුව ජයන්ත වීරසේකර ය.

නවතම ආරංචිය ලැබෙන්නේ වීරකුමාර දිසානායක සම්බන්ධවය. ඔහුත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනට ඉව අල්ලන බවට විශ්වාසදායී ආරංචි පැතිරයමින් තිබේ.

එළැඹෙන පලාත්පාලන මැතිවරණයත් සමගම මේ දේශපාලන බිම උණූසුම තීව්ර කිරීමට හා අභාවකයන් පෙන්නුම් කරන්නට සමත් සිදුවීම් සමුදායක් නිර්මාණය කරන බව නම් පැහැදිලිය. ඒ අනුව පෙර කියමනකට පාදක වූ “දෑත් ශක්තිමත් කිරීම“ වෙනුවට “කොන්ද ශක්තිමත් කිරීමට“ මේ සියපු කතිකා ලඝු වනු ඇද්දැයි දැන් දැන් සැක සහිතය.

ඒකාබද්ධ විපක්ෂය හෝ පොදු ජන පෙරමුණ හෝ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක්ව ඉදිරි මැතිවරණ තරග කළ යුතුයි යන ස්ථාවරයෙ ්සිටින ඇතැමුන් මෙසේ කොන්ද ශක්තිමත් කිරීමට පියවර ගනු ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව දැනටමත් ඒකාබද්ධ විපක්ෂයේ මේ මත දරන කණ්ඩායම් බිහිව ඇතැයි ද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ මොහොතේ රාජ්‍ය නායකත්වය ගන්නා පියවර කෙරෙහි එහි ප්‍රධාන පංගුකාර පක්ෂයවන එක්සත් ජාතික පක්ෂය ද දැඩි විමසිල්ලෙන් සිටින බව පෙනෙන්ට තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය කෙසේ හෝ සම්මුතිවාදය රැක ගෙන ඉදිරි වසර දෙක ගෙවා දැමීමේ උත්සාහයක ද නිරතය. ඊට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ කැමැත්තද ප්‍රතිශතාත්මකව වැඩි බවද පැහැදිලිය. ඒ අන්ව ඉදිරියේ දී හා ළග ළග ව සිදුවිය හැක්කේ ඒකාබද්ධ විපක්ෂයේ නාය යාමක් හෝ දුර්වලවීමක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.

Post Comment