දේශපාලන

මයික් ඇල්ලුවාම වාචාල කියවනවුන් ගැන කිරිඇල්ලගෙන් රංජන්ට පාඩමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොරියාවේ සංචාරයට එක්ව සිටිය දී අගමැති රනිල් රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අදාල අංශ සමග කටයුතු කරමින් සිට බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග කියයි. කෙසේ වෙතත්, මේ වනවිට රටේ දේශපාලනයේ ඇති වී තිබෙන දේශපාලනික ව්‍යාකූලත්වයට ද පිළිතුරු බලාපොරොත්තුවෙන් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ දෙතුන් පාර්ශව නියෝජනය කරන්නෝ තම නායකයන් වටා රොක්වීම ද සුලබ දසුනක් වීය.

මේ අතරින් අගමැති රනිල් වටකරගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඔහු වෙත ප්‍රශ්න රැසක් යොමු කළේ ය. මේ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ රනිල් සමග සිටි ලක්ෂ්මන් කිරිිඇල්ල වීම ද විශේෂත්වයකි.

-….මංගල සහ මලික්, මෛත්‍රි හමුවී කීවාය කියන කතාවක් ඉකුත් දිනවල දැඩි කතාබහට ලක්විය. ‘ශ්‍රී ලනිපය – ඒකාබද්ධය හා එක්වන්නේ නම් සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වෙන්න’ කියා මංගලලා මෛත්‍රිට කී බව ඒ කතාවය. ඒ ගැන රනිල්ගෙන් විමසුවේ නවීන්ය.
“මංගලයි මලිකුයි ජනාධිපති හමුවෙලා ශ්‍රී ලනිප – ඒකාබද්ධය එක්ක යනවා නම් එජාපය වෙනම ආණ්ඩුවක් හදන බව කිව්වා කියන කතාව මොකක්ද?”
“නෑ. නෑ, එතැන ලොකු දෙයක් නෑ. ඒ අය වෙන වෙනම හමුවෙච්ච වෙලාවල්වල නිකං කතා කරලා තියෙනවා. එච්චරයි” අගමැති කීවේ සැහැල්ලුවෙනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ නැත.
“දෙසැම්බර් වෙනකම් ඉන්නේ ජනාධිපතිතුමා කියපු නිසා කියලා සුසිල් ප්‍රේමජයන්ත කිව්වා නේද?” රන්ජන් යළි විමසීය.

“කියන්න දේවල් නැතිව සමහරු මයික් ඇල්ලුවම කියන දේවල් ගනන් ගන්න එපා. සුසිල් කියන විදියට ශ්‍රී ලනිපය දෙසැම්බර්වල ආණ්ඩුවෙන් යනවා නම් අගමැතිතුමා හා අපි ඊළඟට කරන දේ කතා කරලා තියෙන්නේ. රාජපක්ෂලාගේ 2/3 බලයෙන් එයාලත් ශක්තිමත් වුණත් අපේ මේ 2/3න් රට ගොඩගන්නයි අගමැතිතුමා බලන්නේ” අගමැති වෙනුවට කිරිඇල්ල උත්තර දුන්නේ රන්ජන්ට ‘හිංන්ට්’ එකක් පාස් කරන ගමන්ය. මයික් ඇල්ලුවම ඕන දෙයක් කියන එක රන්ජන්ටත් අදාළය.

“ශ්‍රී ලනිපයේ කවුරුවත් ආණ්ඩුවෙන් යන්න කැමැති නෑ. හුඟ දෙනෙක් එකතු වෙනවටත් විරුද්ධයි. ඒකාබද්ධයේ 55නුත් 42ක් එකතුවෙනවට විරුද්ධයිලු. අපි වසර දෙකක් දුක් විඳලා රිමාන්ඩ් වෙලා දැන් එකතු වෙන්නෙ මොනවටද කියලාලු ඔවුන් අහන්නේ” නවීන් දිසානායක කීවේ සිනා මැදය.

“ගිය රජයේ දූෂණ හා විශේෂයෙන් ගී්‍රක බැදුම්කර දූෂණ ගැනත් කොමිසම් පත් කරන්න කියලා එජාප මන්ත්‍රිවරු 49ක් අස්සන් කරලා ජනාධිපතිතුමාට ලිපියක් දීලා තියෙනවා. ඒකේ තත්ත්වය මොකක්ද” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි. අගමැති රනිල් ඊට පිළිතුරැ ලෙස කීවේ පාර්ලිමේන්තුවේ දී තමාගේ විශේෂ ප්‍රකාශයේ මේවාට පිළිතුරු ඇති බවයි.

Post Comment