ආකර්ශණීය

නැගෙනහිර වර්ධනයවන සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

කිලෝමීටර 1200ක් පමණ දුරින් ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී පීඩන අවපාතයක් තෙක් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ නිසා හෙට දිනයේදී ශ‍්‍රී ලංකාවේ උතුර, නගෙනහිර, දකුණු පළාත් හරහා දැඩි සුලං තත්වයක් බලපනු ඇති බවද ඔවුන් කියා සිටී.

උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම පළාත් හා හම්බන්තොට දිස්ත‍්‍රික්කකයට දැඩි වර්ෂාපතනයක් ඇත හැලෙනු ඇති බවත් දෙපාර්තමේන්තුව පුරෝකතනය කරයි.

බස්නාහිර, සබරගමු, ඌව පළාත්වලද තද සුලං හමු යනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් මෙම කැළඹිලි සහගත තත්වය 06 වැනිදා පමණ වන විට ශ‍්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු මුහුදු තීරයන් ආශ‍්‍රිතව පසුගලියදා බලපෑ ඔකී සුලි කුණාටුව මේ වන විට ශ‍්‍රී ලංකාවට ඇති කල බලපෑම මුළුමනින්ම ඉවත්ව ගොස් ඇත.

  • අන්තර්ජාතික කාලගුණ වාර්තා නිරීක්ෂණය කරන විට සහ සජීවී චන්ද්‍රිකා සටහන් නිරීක්ෂණය කරන විට “ලංකාසිටිසන්“ අපි ග්‍රහණය කරගත් තවත් සුළියක් පිළිබදව දේශීය කාලගුණික නිරීක්ෂණ අංශ වෙතින් විමසීමට බලාපොරොත්තු වෙමු.  එම අඩු පීඩන තත්ත්වය වර්ධනය වන බවක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට දකුණු දිගින් කිලෝමීටර් 2000 ක් පමණ දුරින් බවයි පැහැදිලි වන්නේ.
  • සජීවී වාර්තාවට මෙතැනින් පිවිසෙන්න
  • තවත් වාර්තාවකට මෙතැනින් පිවිසෙන්න

Post Comment