ප්‍රධාන

පෙබරවාරියේ තියෙනවා කිව්වට ඡන්දය කල්දැමීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි

කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

අදාළ පෙත්සම ඊවා වනසුන්දර, සිසිර ද ආබෲ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ බව වාර්තාවෙයි.

එහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දී ඇත්තේ අදාළ මැතිවරණය පවත්වන බවට රජය මෙතෙක් ප්‍රකාශ කර තිබුණ ද එය කල්දැමීමට විවිධ පාර්ශවයන් සූදානමින් සිටින බවයි.

එම නිසා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් තවමත් ස්ථීර තත්ත්වයක් උද්ගතවී නොමැති බැවින් පෙත්සම විභාගයට ගැනිමට දින නියම කරන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 27 වන දින සලකා බැලීමට තීරණය කළ බව අධිකරණයෙන් වාර්තාවෙයි.

Post Comment