දේශීය

රනිල් සහ මෛත්‍රී උසාවි ගෙන්වන්න නොතීසි

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට අයවැය විවාදය හේතූවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (4) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ලබන වසරේ පෙබරවාරී  26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නඩුවේ සාක්කිකරුවන්ට යළිත් වරක් සිතාසි නිකුත් කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතාට දින 21ක කාලයකට විදේශ ගතවීමටද අවසර දුන්නේය.

* මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ

Post Comment