දේශපාලන

බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදැක්වීමත් සමඟ පෙරළිරැසක් ඇතිවන ලකුණු

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ කොමිසමේ වාර්තාව එළිදැක්වීමත් සමඟම දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවන ලකුණු දැන් සිටම පහලවන්නට පටන්ගෙන තිබේ.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යනතරයේ මේ වනවිට මීට අදාළ ඇතැම් පාර්ශව සුදුවීමත් කළුවීමත් අතර ඇතිව තිබූ ගැටලු රැසක් නිරාකරණය වීම කෙසේ වෙතත් තවත් අර්බුද ඇතිවන ලකුණු ඇතැයි ද වාර්තාවෙයි.

හිටුපු මුදල් ඇමති රවී කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට, බැඳුම්කරයේ සාක්ෂි නිසා ඇතිවූ මතවාදය දැඩිව බලපෑවේ ය. ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන්ගෙන් ප්‍රශ්න කිරීම්ද නෙසිතූ ලෙස හා අදිසි ලෙස මගහැර ඇතැයි ද යන සැකය පවා ජනිත වීය. මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ අලුයට ගිනි ඇති බව තතුදත් ආරංචිමාර්ග පවසයි.

මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇමතිවරුන් මේ ගනුදෙනුවලින් ලිස්සා යාමත්, තමාට අයිති නැති බැංකු විශයය පථය වෙනුවෙන් රවී කරුණානායක ඇමතිවරයා චෝදනාවන්ට ලක්වීමත් යන කරුණු මෙසේ අලුයට ගිනි රඳවාගැනීමට සමත් මාතෘකා වෙයි.

නීත්‍යනුකූලව කරනු ලබන විමර්ශනයේ දී  අවසානයේ රවී කරුණානායක නිදහස් වනු ඇති බවට දැන් සිටම ඉඟි පලවන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේ දී නිකුත්වීමට නියමිත බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාවට අනුව නොසිතූ විරූ ආකාරයේ හෙළිදරවු කිහිපයක් ඇතුළත්වනු ඇති බවට ද ආරංචි ලැබෙයි. එබැවින් මේ වාර්තාව දේශපාලන කරළිය උණූසුම් කිරීමට සමත්වනු ඇති බවයි දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන්ද එල්ලවූ චෝදනාවන්ට ද රවී කරුණානායක ඇමතිවරයාට වන්දි ගෙවීමට සිදුවීම මේ ජුගුප්සාවට හේතුවක් වී තිබුණ ද එළිදක්වන වාර්තාව ඊට විසඳුම් ලබා දෙනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේම ඇතැමුන්ගේ අදහස වී තිබේ. ඉන් අනතුරුව රවී කරුණානායක මන්ත්‍රීවරයාට යළි කැබිනට් ඇමතිධුරයක් ලැබීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද ඊට එක්සත් ජාතික පක්ෂයේම ඇතැමුන් අකුල් හෙළන බව ද සිරිකොත ආරංචිමාර්ග කියයි. මේ අකුල් හෙළීම ට චෝදනා එල්ල වන්නේ ද මලික් සහ කබීර් යන ඇමතිවරු දෙපළට වීමද විශේෂත්වයකි.

Post Comment