දේශපාලන

සටන ආරම්භයෙන් දිනේෂ් – විමල් – ගම්මන්පිල හැළෙයි

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු යහපාලන විරෝධී කණ්ඩායමේ “දිනන සටන ඇරඹේ” නමින් පළමු රැළිය ලෙස ඊයේ (2017 දෙසැම්බර් 04) බදුල්ලේ වින්ට් වාස් පිටියේ පැවැත්වූ රැළියේ විශේෂත්වයක් වූයේ ඒකාබද්ධයේ ප්‍රධානීන් වූ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පක්ෂ හා කණ්ඩායම් නායකයන් ඊට සහභාගී නොවීමයි.

මේ පිළිබදව විවිධ දේශපාලනික කතා දිගින් දිගටම මාධ්‍ය වාර්තා ඔස්සේ පළවෙමින් තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි කැළඹිලිකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෑතක දී ඒ පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායකගෙන් ආරම්භ වූ විමල්ගේ මතයන්ට අභියෝග නිරීම් වීර කුමාර දිසානායක දක්වා වර්ධන වී ඇත.

මේ සමගම විමල් වීරවංශගේ කැපවීම හා ප්‍රසිද්ධියේ රැළිවලට සහභාගීවීමේදී ද විවිධ වෙනස්කම් ප්‍රකට කර තිබෙනු දක්නට හැකිවීය.

එහෙත් ඊයේ බදුල්ලේ පැවැති රැළියෙන් අනතුරුව විමල් ගේ පක්ෂයේ උදයකාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා සිය මුහුණුපොතේ සටහනක් ද තබා ඇත්තේ එහි දී ඔහු කළ කතාවේ කොටසක් උපුටා දක්වමින් වීමත් විශේෂත්වයකි. එහි මෙසේ සදහන් වෙයි.

“…’ පංච තන්තරයේ මෙහෙම තියෙනවා.”. කෙස් හා දත් මිනිසුන් ලස්සන කරන්නේය. නමුත් ඒවා තිබූ තැන් වලින් ගැලවී ඉවත් වූ පසුව , එම කෙස් හා දත් තිබු අයටම ඒවා පිළිකුල් වේ” අද බදුල්ල වීල්ස් පාර්ක් හිදි මොනරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අනාගතය අපි ‘ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක උදය ශාන්ත ගුණසේකර පවසන ලදී.

‘ තම රට වෙනුවෙන් තමන්ට පැවැරී ඇති අති මහත්වු ජාතික භූමිකාව අත් හරින ලද ඕනෑම අයෙකුටද අත් වන්නේ එම ඉරණමමය. .විමල්ට අද පහර පිට පහර දෙන්නේ එම භූමිකාව ඔහු විසින් අත් නොහරින නිසාය.සතුරාට අවැසි වන්නේ පංචතන්ත්‍රය පවසන පරිදිම විමල් දරන ඵෙතිහාසික භූමිකාව අවසන් කිරීමටය. නමුත් ගැටලුව වන්නේ විමල් තම දෙවුරට පටවා ගෙන තිබෙන ඵෙතිහාසික වගකීම අත් නොහැර මෙ රට වෙනුවෙන් සටන් වැදීමය . විමල්ගේ දේශපාලන මිතුරන් සේම සතුරන්ද එය හදුනාගත යුත්තේය.. .

FB

Post Comment