ආකල්ප

E News වාරණය මංගල සමරවීර හෙළා දකියි

අතීතයේ මාධ්‍ය තුළ භීෂණය ඇති කළ අවතාර යම් යම් මාධ්‍යවල අනුග්‍රහයෙන් නැවතත් කරලියට ගෙන ඒමට හොල්මන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (2017 දෙසැම්බර් 05) කොළඹ පැවති විශේෂ දේශනයකට එක්වෙමින් පැවැසීය.

එමෙන්ම මේ යුගයේ දී වෙබ් අඩවි වාරණය නිසි ලෙස සිදු කළ නොහැකි නිශ්ඵල කාර්යයක් බව ද සදහන් කළේ ය. තවද තමන් ද මෙසේ වාරණයට ලක් කළ ඇතැම් වෙබ් අඩවි වෙනත් මාර්ග ඔස්සේ නිරඹන බව ද පැවැසීය. ඊ නිවුස් වෙබ් අඩවිය ඔහු උදාහරණයට ගත්තේය.

ජනමාධ්‍ය හා දේශපාලනයේ දී විටින් විට යුගයෙන් යුගය පාර්ශව දෙකම ශක්තිමත් වෙමින් ගමන් ගත් බවත් 2005 සිට 2015 දක්වා කාලයේ දී දේශපාලඥයා කෙතරම් ශක්තිමත් වුවාද යන්න පිළිබඳ ජනමාධ්‍යවේදීන්ට සිදුවු හිර හැර තුළින් දැන ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම වසර 2 හමාර තුළ කෙතරම් අඩුපාඩු තිබුණත් මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කිරීමට හැකි වු බව පැවසූ අමාත්‍යවරයා 21 වන සියවසේ දී කිසි විටෙකත් වාරණය යන කාරණය අදාළ නොවන බවද කියා සිටියේය.

Post Comment