දේශපාලන

විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ගැන හිටපු ලේකම් ප්‍රියන්ජිත්ගෙන් හෙළිදරව්වක්

ජාතික නිදහස් පෙරමුණ තුල මා කල දේශපාලන අරගලය ගැන සටහනක් තැබීමට සුදුසුම වේලාව මෙය යැයි මට හැගේ . එය මාගේ හුදු දේශපාලන අරගලයක් පමණක් නොව සාමූහික සටනකි . ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමේදී පක්ෂ නායකකයන් දැක්වූ උදාසීන පිළිවෙත නිසා පක්ෂය තුල මත ගැටුම් තීව්‍රර විය . මා දැරූ දේශපාලන ස්ථාවරයන් සම්බන්ධව පමණක් කරුණුමය වශයෙන් ප්‍රකාශ කරන අතර මෙම මතය දැරූ තවත් සහෝදරවරුන් සිටි අතර ඔවුන් ගැන සටන් නොකරමි .

ජානිපෙ නම් පක්ෂය මල්ලක දමා ගැටගසා බැසිල් රාජපක්ෂ මහතා පාමුල තැබීම
__________________

1. පොදුජන පෙරමුණ ( පොහොට්ටුව ) සමග අප මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නම් එය මැතිවරණ කොමිසම යටතේ පිළිගත් සංධානයක් විය යුතු බවත් ඊට නව නිලධාරි මණ්ඩලයක්, විධායක සභාවක් ,සහ සියලු දෙනාට පිළිගතහැකි මහ ලේකම්වරයෙක් පත්විය යුතුබව මගේ අදහස විය . ඊට දේශපාලන මණ්ඩල අනුමැතිය ලැබුනු අතර එයට පොහොට්ටුවේ නායකයන් එකග වූ බවද පක්ෂ නායකත්වය විසින් දන්වන ලදී .නමුත් අද වනවිටත් එසේ සංධානයක් බවට පත්වීමේ සේයාවක් වත් නොපෙනේ . මැතිවරණය සදහා පොදු ජන පෙරමුණ පක්ෂය හා පක්ෂ සමාජිකයා පවාදුන් නිවට ක්‍රියාවකි . ජානිපෙ නම් පක්ෂය මල්ලක දමා ගැටගසා බැසිල් රාජපක්ෂ මහතා පාමුල තබා ඇත . මා ඊට දැඩි සේ විරුද්ධ විය.

සාමාජිකයාගේ මැතිවරණ අපේක්ෂා පාවාදීම
__________________

2.පොදුජන පෙරමුන සංධානයක් බවට පත්වූ පසු අප පක්ෂයක් ලෙස එම සංදානයේ සාමාජිකත්වය අවබෝදතා ගිවිසුමක් මගින් එක්විය යුතුබව මාගේ ස්තාවරය විය . එහි විදායක සභාව සදහා ජානිපයට ලැබෙන විදායක සභික දූර ගනන හා එහි නිලදාරී මන්ඩලයේ අප පක්ෂයට ලැබෙන වගකීම කුමක්ද යන්නත් එසේම නව මැතිවරණ ක්‍රමයක් ස්තාපිතව ඇති බැවින් ඊට සමාන්තරව සංදානය යටතේ අප පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන පාර්ලිමේන්තු ආසන , පලාත් සභා කොට්ටාශ , පලාත් පාලන කොට්ටාශ ගනන නිරවුල් කරගත යුතු බවයි . නමුත් මෙවර පලාත් පාලන කොට්ටාශ නිරවුල් කර ගැනීමේ සාකච්ඡා දිගින් දිගටම කල් දැමුනි . මෙම උපක්‍රමයට හසු නොවනලෙස මා දිගින් දිගටම අවදාරනය කරන ලදී . එසේ ඔවුන් අවසන් මොහොත දක්වා මෙම සකච්චා කල් දමන්නේ ගියවර පලාත් පාලන මැතිවරනය මෙන් අප වෙනත් විකල්පයක් නැති තත්වයට පත් කිරීමටය . අප මෙවර ඉල්ලා සිටියේ පාලාත් පාලන කොට්ටශ 450ක් පමනි . නමුත් ඒවා ගැන තවමත් අවසන් අදහසක් නැත . අවශ්‍ය මොහොතේ සටන් නොකර දැන් නහයෙන් අඩා පලක් නැත. අප සාමාජිකයා වසර 8ක් බලා සිටියේය. ඔවුන්ගේ මැතිවරන සදහා ඉදිරිපත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාව පාවා දී ඇත .

අවස්ථාවාදීන්ගේ උවමනාවන්ට යටවීම
————————–

3. වමේ බලවේග බෙදී පැවතීම සතුරා ලද සුවිශේෂ ජයග්‍රහණයක් බවත් මීලග 2020 ජනපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය කිරීමේ මාවත ඒ හරහා සැකසෙන බව මාගේ අදහසවිය . එම ජයග්‍රහණය තුළින් සකලවිධ පරගැති බලවේග මවුබිම බිලිගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකතුකර එජාපය පැරදවීමේ සටනට අවතීර්න විය යුතු බව මාගේ ස්තාවරය විය . ඊට මූලික විය යුත්තේ අප පක්ෂය බවත් අවශ්‍ය දේශපාලන මග පෙන්වීම් ජාතියට සිදු කිරීම අපගේ යුතු කමකි නමුත් අද එම අවස්තාව මග හැරී ඇත . මෙවන් අවස්ථාවකදී ජාතියට මග පෙන්විය යුතු අප පක්ෂය අවස්තාවාදීන්ගේ උවමනාවට යටවීමේ බරපතල දේශපාලන වරද සිදු කොට ඇත .

බැසිල්ගේ යටත් වැසියන් දේශපාලන මණ්ඩලයේ
—————————–

4.පසුගියදා කරලියට පැමිනි බෙදුම්වාදී නව ආන්ඩුක්‍රම ව්‍යවස්තාව රටට අහිතකර එකක් බවත් වහාම එය පරාජය කලයුතු බවත් පක්ෂ තීරණය විය . ඊට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමාණවත් වැඩපිලිවෙලක් නොතිබුනු අතර එම සටන ඔවුන් මගහරිමින් පැවතිනි . ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්තා දායක සභාවට ඉදිරිපත්කල යෝජනා සාපේක්ෂව ප්‍රගතිශීලි ඒවා විය . ඒවාට ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිබව නොරහසකි . එම නිසා ව්‍යවස්තාව පරාජය කිරීම සදහා ජනපතිගේ සහාය ලබාගත හැකි විභවයක් නිර්මානය වී තිබුනි . අපගේ උපාය මාර්ගික ප්‍රවේශය විය යුත්තේ ජනාධිපතිවරයාගේ ස්තාවරයන් පාවිච්චි කර ගනිමින් ජාතියේ අභිලාෂයන් ද ඊට එකතුකර ව්‍යවස්තාව විසිකර දැමීමට අවශ්‍ය පදනම ගොඩ නැගීමයි නැතහොත් අවම වශයෙන් ව්‍යවස්තාව ගෙන ඒම තව දුරටත් කල් දමා ගැනීමයි .ජාතික බලවේග සමග එක්ව එම සටන අපි ප්‍රමානවත්ව ඉටු නොකලෙමු .

දේශපාලනමන්ඩලය තුල ඔත්තුකරුවන් හෝ ජාත්‍යන්තර ඔත්තුසේවා වල නියෝජිතයින් නොමැති බව
——————————

5.අප පක්ෂයේ දේශපාලනමන්ඩලය තුල ඔත්තුකරුවන් හෝ ජාත්‍යන්තර ඔත්තුසේවා වල නියෝජිතයින් නොමැති බව මා අවිවාදයෙන් යුතුව සදහන් කරමි නමුත් BRගේ (මෙය පුද්ගලයකුට යෙදෙන මාගේ දේශපාලන නාමයයි . BREAKING RELATIONSHIPS) නියෝජිතයන් ගේ යටත් වැසියන් බවට පක්ෂයේ සමහරුන් පත්ව ඇත . ඔවුන්ගේ ක්‍රියාකලාප එකිනෙක මවිසින් පක්ෂයට අවධාරණය කරන ලදී . එම කරුනු පිලිගත් 2017/5/24 රැස්වූ දේශපාලනමන්ඩලය එම පුද්ගලයන්ගේ පක්ෂයට ඇති සම්බන්ධය ඉවත් කිරීමට තීරණය කරන ලදී . එම තීරනය මා ක්‍රියාත්මක කල අතර ඔවුන්ට යටවූ නායකයන් එය වෙනස් කලේය . 2017/11/21මා ඉල්ලා අස්වූ දේශපාලන මන්ඩලයේදීත් නැවත එම තීරනයම ගැනුනි . එහෙත් එම තීරනය ඔවුන්ට දැන්වීමට වත් පක්ෂයට ධෛර්යයක් නැත .

ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව සිටි පිරිසක්
——————————

2017/8/7 , 2017/8/29, 2017/9/7.2017/9/22/ දේශපාලන මන්ඩල සැසිවාරයන් වලදී මම එම අරගලය දැඩිව සිදු කලෙමි . ප්‍රතිඵලය වූයේ 2017/11/21 දේශපාලන මන්ඩලයට මා පැමිනෙන විට කොළඹ දිසාවෙන් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව පිරිසක් රැදී සිටීමය . එම පිරිස කැදවීමට නායකත්වය විසින් මා ඉතා ආදරණීයව සැලකූ සොයුරකුට භාර දී තිබුනි . ඔහුගේ කාර්‍යය මැනවින් ඉටුකොට තිබුනි . විශ්‍රාම ගිය යුද හමුදා නිලදාරියකු හා පහල වාහනයක තවත් පිරිසක් සූදානම් කර සිටි බව පසුව දැනගන්නට ලැබුනි . දේශපාලන මන්ඩලය තුල උස් සංවාද ඇතිවනවිට මෙම පිරිස් දොරවල් අසලට පැමිනියේ මා හට පීඩනයක් එල්ල කිරීමටය . දේශපාලන මණ්ඩලයේ සමහරක් සහෝදරයන් උසිගන්වා තර්ජනාත්මකව මා හට බලපෑම් කිරීමට උත්සාහ කරන ලදී . එහෙත් මා ඔවුනට එකග නොවූයෙමි . යටත් නොවූයෙමි . දනින් නොවැටුනෙමි . මගේ ස්තාවරය නිවැරදිව නිවවුල්ව මා දරන ලදී . 

එහෙත් මෙවන් පිරිසක් සමඟ (දේශපාලන මන්ඩලයතුල දැනුදු ඉතා ආදරනීය සොයුර සොයුරියන් පිරිසක් සිටී ) තව දුරටත් කටයුතු කිරීමට මා ගේ හෘද සාක්ෂිය ඉඩ නොදුන්නෙමි . එමනිසා පක්ෂ ප්‍රධාන ලේකම් දූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරනය කලෙමි .

* ප්‍රියන්ජිත් විතාරණ

ජානිපෙ තුල මා කල දේශපාලන අරගලය ගැන සටහනක් තැබීමට සුදුසුම වේලාව මෙය යැයි මට හැගේ . 

Post Comment