ආකල්ප

උමා ඔය සාර්ථක ව්‍යාපෘතියකි

උමාඔය ජල ව්‍යාපෘතිය අසාර්ථක බවට චෝදනා කරන්නේ දේශපාලනික කුහකයින් බවත් එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවත් හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසයි. දේශපාලන වාසි ලබාගැනීමට ඇතැමුන් කළ මේ ප්‍රකාශ හේතුවෙන් වැරදි මතයක් සමාජගතවූ බවත් ඔහු පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසනයේ අපේක්ෂකයින් හා ක්‍රියාකාරී හමුවක දී හිටපු කතානායකවරයා මේ අදහස් පල කළේය.

“…නියඟය අවුරුදු තුන හතරක් තිබුණත් ජලය ලබාගන්න ඇහැක්වෙන විදියට ආරම්භ කරපු උමා ඔය ව්‍යාපෘතිය අද ප්‍රමාදයි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලොකු උද්ඝෝෂණ තිබුණා ඒ උමා ඔය ව්‍යාපෘතිය නවත්වන්න කියලා. ළිං හිදෙනවා කියලා…

මේ ආණ්ඩුව – වර්තමාන ජනාධිපතිතුමා නෝර්වේ රටට කතා කරලා, විශේෂඥයින් ගෙන්නුවා.. ඊට පස්සේ ඒ කණ්ඩායම අපේ රටේ ඉංජිනේරුවන් සමග එකතුවෙලා…සිමෙන්තිගහලා ඒ කුහර දැනි වහගෙන යනවා…ඊයේ වෙනකොට බොහෝම සොච්චමයි වතුර දැන් ලීක් වෙන්නේ.. මේ වැස්සත් එක්කම දැන් බණ්ඩාරවෙල පැත්තේ ජනතාවට වතුර ලැබෙමින් පවතිනවා.

ඒ දවස්වල පක්ෂයක්වටා මිනිස්සු රොක් කරගන්න, මිනිස්සු තමනට ගන්න – රවට්ටන්න බොරුවක් නේ ඒ කට්ටියක් එකතුවෙලා කරේ.. ඒ නිසා අපි – තමුන්නාන්සේලා මේ හැම දෙයක් ගැනම දැනුවත් වෙලා ජනතාව එක්ක කතා කරල පහදලා දෙන්න ඕන…”

 

 

Post Comment