ආකර්ශණීය

වීරකුමාර විමල්ගේ මතයට පයින් ගසයි : රනිල් පරද්දන්න මෛත්‍රීට එක්විය යුතු බව කියයි

“රට එකට” යන හිසින් යුතු පසුබිමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද කොළඹ දී ප්‍රකාශයක් කරමින් ජතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක පැවැසූවේ රනිල් පරාජය කරමින් ඉදිරිය දකින්නට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්විය යුතු බවයි.

මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න ඕනේ ජාතික නිදහස් පෙරමුණ. ජාතික නිදහස් පෙරමුණු නායකයා හා නියෝජ්‍ය නායක වන මා අතර පවතින්නේ මත දෙකක්. නායකයා විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයේදී මෛත්‍රී මහින්ද බෙදී තරග කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියල මගේ මතය එකතුවී තරග කළොත් ජයග්‍රහණය කළ හැකි බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පැවසීය.

කැටපෝල්වලින් විදින ලද කාලය අවසන් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

රනිල් ෆයිල් අදිනවාට බියෙන් යුතුව ඇතැමුන් නපුංසකයින් සේ ද හැංගෙමින්ද කටයුතු කරන බවත් වීර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවැසීය.

මේ මාධ්‍ය හමුවේ තවත් සවිස්තර වාර්තාවකි මේ..

රට දිනවීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව දේශපාලනයේ නිරත විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක පවසයි.

අද (05) අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

2015 ජනාධිපතිවරයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ බලවේග අදත් එතුමාගේ කීර්ති නාමයට හානි කරමින් සිටින බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සමගි වෙන්න එපා කිය කියා කෑ ගසන අය අද වන විට එක්ව හොර රහසේ වැඩ කරන බව පැවසූ වීරකුමාර මහතා, 2020 මැතිවරණයට බෙදී වෙන්ව ගොස් තරග කරන ආකාරය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය පිළිතුරු දිය යුතු බව ද කියා සිටියේය.

බෙදී වෙන්වීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වෙන්ව යන බවත් වාමාංශික බලවේගයන්ට ද එවැනි තත්ත්වයක් ඇති වන අතර ඒ තුළින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

නායකයින්ට හැඟීම්වලින් කිසි විටෙකත් තීරණ ගත නොහැකි බවත් පැවසු වීරකුමාර මහතා ඔවුන් සෑම විටම ඔළුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද පැවසීය.

අද ඇතැම් දේශපාලන චරිත දෙස බලා තමා මෙම තීරණය ගත් බව ද පැවසු වීරකුමාර මහතා මෙය අවසානය නොවන බවත් අනාගතයේ දී මෙය තවත් වෙනස් විය හැකි බව ද සඳහන් කළේය.

කිසිදු පක්‍ෂයක් සදාකාලික නැතැයිද කී ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවද සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය මේ මොහොතේ කල යුත්තේ ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීම බවද කී ඔහු නොඑසේනම් රටට ඉදිරි ගමනක් නැති බවද පැවසීය.

මේ අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්විය යුතු මන්දැයි පැහැදිලි කරමින් මන්ත‍්‍රීවරයා විසින් පිටු අටක් සහික මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Post Comment