ප්‍රධාන

මැතිවරණ කොමිසමේ අඩවිය හැක් කරලා

මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති අවස්ථාවක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැදගත් තොරතුරු ජනතාවට ලියාපදිංචි පක්ෂවලට මෙන්ම ඡන්දදායකයාට ලබාගැනිමට හැකි ප‍්‍රධානතම ක‍්‍රමයක් වනුයේ මැතිවරණ කොමිසමේ වෙබ් පිටුවයි.

ඩිජිටල් තාක්ෂණය ඉතා ප්‍රචලිතව පවතින අවධියේ විශේෂයෙන්ම පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක ස්වාධීන මැතිවරණ කොමිසමේ වැදගත් තොරතුරු පහසුවෙන් ලබාගැනීමට ඇති ප්‍රධාන මාධ්‍යයක් වන එම වෙබ් අඩවිය සෙවුම් යන්ත‍්‍ර ඔස්සේ ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කොට ඇති ආකාරයේ වෙබ් අඩවියකි.

අප කල විමසීමකදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසූවේ යම් සංවිධානාත්මක කල්ලියක් හෝ පුද්ගලයෙකුගේ සයිබර් ප්‍රහාරයට තම වෙබ් අඩවිය ලක්ව ඇති බවත් ඉක්මනින් එය යාවත්කාලින කිරීමට කටයුතු යොදන බවත්ය.

ස්වාධීන මැතිවරණ කොමිසමේ ගූගල් සෙවුම් යන්ත‍්‍රය හරහා දිස්වූ ආකාරය

https://www.google.lk/search?source=hp&ei=OZQoWsHDMojpvgTJoInQBQ&q=election+department&oq=election+d&gs_l=psy-ab.1.0.35i39k1j0l9.1773.3826.0.5747.12.11.0.0.0.0.113.887.9j1.11.0….0…1c.1.64.psy-ab..1.11.980.6..0i131k1.96.6JxPubMT-uw

දහවල් 11.08 වනවිට එය සකසා ඇතිබව දැකගත හැකිවීය.

*

මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

Post Comment