ප්‍රධාන

UNP නාමයෝජනා ලබන සතියේ : රවී කරුණානායක

ලක් ඉතිසාසයේ පළමු වරට කොට්ඨාස මට්ටමින්, උතුරු – නැගෙනහිර පළාත් ද ඇතුළුව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජාතික පෙරමුණ ලබන සතියේ ඇප මුදල් තැන්පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති රවී කරුණානායක පැවසීය.

අලියා ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මේ වන විට ප්‍රබල පක්‌ෂ රැසක්‌ සිය අපේක්‌ෂක ලැයිස්‌තු මේ වන විටත් එක්‌සත් ජාතික පෙරමුණට ඒවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම පක්‌ෂවලට එක්‌සත් ජාතික පෙරමුණ යටතේ නිකුත් කරන කෝටාව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික නාම යෝජනා මණ්‌ඩලය විසින් තීරණය කළ විගස ඇප මුදල් තැන්පත් කරන බවද රවී කරුණානායක මහතා කියා සිටියේය.

සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්‌ දේශපාලන පෙරමුණක්‌ මෙසේ තරග කරනු ලබන්නේ ප්‍රථම වතාවට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Post Comment