සංස්කෘති

ඔබේ මන්ත්‍රීතුමා මාට්ටු වෙලා… ද ?

කොළඹ  නොවන වෙනත් දිස්ත‍්‍රික්කයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක් කොළඹ සිය නිල නිවසේ ප‍්‍රකට රංගන ශිල්පිනියක් හා සිටියදී ඔහුගේ විවාහක බිරිඳ එහි කඩා පැන ගාලගෝටියක් ඇති කර ගත් බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට කලක් තිස්සේ මෙම සම්බන්ධය ගැන ඉව වැටී තිබූ දේශාපලඥයාගේ බිරිඳ මෙම සම්බන්ධය අතටම අල්ලාගෙන ඇත්තේ ඔත්තුකරුවන් මාර්ගයෙනි.

බිරිඳ එම ස්ථානයට කඩා වදිද්දී රංගන ශිල්පිනිය කර කියා ගත හැකි දෙයක් නොමැතිව නිල නිවසේ වැසිකිළිය තුල පැය බාගයක් පමණ සැඟවී සිටියදී දේශපාලක බිරිඳ වැසිකිළියෙන් ඇය ඇදගෙනවිත් ඇයට පහර දී බැණ වදිමින් එළියට ඇද දමා ඇතැයිද දැනගන්නට ලැබෙයි.

ඇඳ සිටි ඇඳුම් පැලඳුම් පවාඉරා දමමින්, හැඩ කොණ්ඩය අවුල් කර අත්බෑගය හෝ පාවහන්ද නොමැතිය රංගන ශිල්පිනිය බිරිඳ විසින් නිල නිවසින් එළියට ඇද දමද්දී දේශපාලකයා කිසිවක් නොකර නිවස තුලට වී නිහඬව සිට ඇති බවද පැවසෙයි.

රංගන ශිල්පිනිය පිටත්ව ගිය පසු නිවස තුල දේශපාලකයා හා බිරිඳ උස් හඬින් බහින් බස් වී ටික වේලාවකින් බිරිඳද පිටත්ව ගොස් ඇත.

ඔවුන් දෙදෙනා ඉතා ඉක්මනින් දික්කසාද වනු ඇති බවද වාර්තා වෙයි