ප්‍රධාන

මහින්ද – මෛත්‍රී සමගියට අලුත් කොන්දේසි සමඟ…

2020 වසරට අත්තිවාරම දමනා මැතිවරණය ඉදිරි පළාත් පාලන මැතිවණය බැවින් එය සුළු කොට නොතකන ලෙස  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

රටේ ජනතාව විසින් ඡන්දය දුන්නත් වත්මන් රජය අපේ රජයක් යයි තවමත් නොදැනෙන බවද උන් වහන්සේ කියා සිටිති.

අද වන විට රටේ නායකයන් බොහෝ දෙනෙක් සිටියත් රටට අයිතිකාර නායකයෙන් නිසි ලෙස නැති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

නව ව්‍යවස්ථාව ප‍්‍රතික්‍ෂෙප කිරීම, බැදුම්කර මගඩියේ වරදකරුවන්ට දඬුවම් දීම, ජාතික සම්පත් විකිණීම නැවැත්වීම යන කොන්දේසි තුනට ලිඛිතව එකග වන්නේ නම් දේශපාලන පක්‍ෂ එකතු කිරීමට තමන් සුදානම් යයිද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

එහිමියෝ මෙම අදහස් පල කරනු ලැබුවේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ එහි වීඩියෝවයි.