ආකල්ප

කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න පූජිත්ට වඩා හොඳින් නවන්න දන්නවා…ලු

දෙවියනි; කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ට 
නීතිය, යුක්තිය , සාධාරණය කුමක්දැයි අවබෝධ කර දෙනු මැනවි. 
===================
නැතිනම් 22 නඩුවේදී (නාවික බුද්ධි රණවිරු නඩුව) මා ඇයට එය සුද්ද සිංහලෙන්ම තේරුම් කර දෙමි.
එහි ප්‍රතිඵලය ලෙසට අධිකරණයට අපහාස කරන ලදැයි ඇය මා සිර කූඩුවට දමනු නොඅනුමානය.

ඇය රහස් පොලීසියේ කීමට ඒක පාර්ශවිකව දෙන තීන්දු අපිට පිළිකුල දනවයි.

ලසන්ත අලගියවන්න, ආශු මාරසිංහ ට අතනොතබා විමල් පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට මගේ බඩ දැඟලුවෙිය.

මිනී මැරුමට සාක්ෂි තිබෙන බවට ලිඛිතව පොලීසිය හා නීතිපති දෙපාර්තමෙින්තුව අධිකරණයට කරුණු වාර්තා ගත කොට තිබියදීත්, නේවි සම්පත්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකොට මිනී මැරුමට කමාන්ඩර් රණසිංහ ඇතුලු නාවික රණවිරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට “කුමට මෙරට අධිකරණය” යැයි මට කියැවිණි .

කිසිදු හිරිකිතයකින් තොරව පක්ෂග්‍රාහී නඩු තීන්දු දෙන
ලංකා ගැන අපුලක් ද කණගාටුවවක්ද දැනේ.

මෙම අයුක්තියට එරෙහිව මම අනිවාර්යයෙන්ම සටන් වදිමි.
ලංකාට හැකි මාව හිරේ දැමීම පමණි.
හැබැයි එවිට අධිකරණයට අපහාස කිරීමට එරෙහි මගේ නඩුවේ දී ජනතාව ඉදිරියේ ඇගේ රෙදි ගැලවී ඇති බව ලංකා ජයරත්න ම අවබෝධ කරගනු නො අනුමාන ය.

මම සත්‍යය පවසමි. යුක්තිය වෙනුවෙන් සටන් කරමි.
ලංකාවටම අභියෝග කරමි.

පුලුවන් එකෙක් මට නඩු දමාපල්ලා. එයට එඩිතරව මුහුණ දෙමි.

අහෝ නීතිය, අහෝ යුක්තිය ?
පූජිතටත් වඩා අගේට කොටුව මහෙස්ත්‍රාත් නීතිය නවන හැටි?

– නීතිඥ මෙිජර්, අජිත් ප්‍රසන්න

 

* උපුටනය FB