විනෝදාස්වාද

හම්බන්තොට විකිණීම : උජාරුවේ සේයාරුව

යුග යුග ගණනක බලාපොරොත්තුවක් පමණක් නොව සිහිනයක් වූ හම්බන්තොට වරාය චීනයට පැවැරීමේ අවසන් මූල්‍ය ගිවිසුමට ඊයේ (2017 දෙසැම්බර් 09) දින අස්සන් තැබුණි.

ඒ අවස්ථාව හා ඊට හිමිවන මුදල සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සහ චීන නියෝජිතයා ඓතිහාසික ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේ ය.

මේ දෙපසින් සිට අත්පෙළසන් දෙන ඇමතිවරුන් දෙදෙනාගෙන් ප්‍රකාශ වන්නේ මෙය මහත් උතුම් ක්‍රියාවක් කොට ජයග්‍රහණයක් ලැබූ සෙයියාවකි. අගමැති රනිල් වික්‍රමසිංහට දකුණු පසින් මහින්ද සමරසිංහ ඇමතිවරයා ද චීන නියෝජිතයාට වම් පසින් මලික් සමරවික්‍රම ඇමතිවරයා ද සිනහමුසු මුහුණින් අත්පොළසන් දෙනු දැකගත හැකිය.

මේ මෙයට අදාළව මුහුණු පොතේ ක්‍රියාකාරිකයෙක් යොදා තිබූ සටහනකි.

Image may contain: 1 person, smiling
දුප්පත් අම්මා කෙනෙකු පවා නැතිබැරිකමට කන කර උගස් තැබීමට බැංකුවේ උකස් කවුන්ටරයට රිංගන්නේ ආඩම්බරයෙන් නොවේ. පරාජිත දුක්මුසු හැඟීම් සහිත මැළවුණු මුහුණිනි. රහසින් මෙනි.

එසේ නොවන කෝටිපති ව්‍යාපාරියන් පවා තම දේපළක් උකසට තබා ගත් ණය මුදල සමග ආඩම්බරෙන් ඡායාරූපවලට පෙනී සිටිනු අප කිසි දිනක දැක නැත. ඒ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව මිනිසුන්ට ලැජ්ජාව බය ඇති නිසාද?