ව්‍යාපාරික

ප්‍රමිතියෙන් තොර තවත් ඉන්ධන නැවක්

ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වන ලද ගුවන් යානා ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර බවට තත්ත්ව පරීක්ෂණයෙන් තහවුරු වු බව ඒකාබද්ධ ඛනිජ තොල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්කුමාර පවසයි.

අද (2017 දෙසැම්බර් 13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ගුවන් යානා තෙල් සැපයීමට ඉන්දියන් ඔයිල් සමාගමට කිසිඳු අවසරයක් නොමැති බවත්  ඒ සඳහා එම සමාගම දිගින් දිගටම ඉල්ලීම් සිදු කලද මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.