විනෝදාස්වාද

අද රජයේ සේවය කඩා වැටිලා : චන්ද්‍රිකා කුමාරතුංග

පවතින රජය සේම පැවැති රජයන් ද රාජ්‍ය පරිපාලන සේවය දුර්වලකිරීම හේතුවෙන් රාජ්‍ය සේවය කඩා වැටී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ගම්පහ ප්‍ර දේශයේ පැවැති උත්සවයක් අමතමින් ඇය මේ ප්‍රකාශය කළාය.

“.. රජයේ සේවයො වැඩ කරන්නේ නැහැ. මෙතැන දැන් ඉන්න අය නෙවෙයි අනිත් අය වැඩ කරන්නෙ නෑ.මේ රට පාලනය කරපු රජයන් රාජ්‍ය පරිපාලන සේවය දියුණු කරන්නට අවශ්‍ය දේවල් කරල නෑ..ගුරු වෘත්තියේ යෙදිල ඉන්න අය හුග දෙනෙක් අද මොනවද කරන්නේ..? පාසැලේ ගුරුවරු හරියට උගන්නන්නෙ නෑ… මම බය නැතුව කියනවා.

මම ජනාධිපතිධුරයෙන් විශ්‍රාම අරගෙන ඉදිද්දී.. මට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැතුව මම අපරාධකාරයෙක් කරල හිටපු කාලෙත් මං ආසාවට වගේ මගේ ගම් පලාතේ පාසල්නලට කඩාගෙන පනිනවා.මම බලනකොට ඒලෙවල් පන්තියෙ ඕලෙවල් පන්තියේ ළමයි නෑ.” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.