සංස්කෘති

ශ්‍රී ලාංකේය සමාජජාලා කවිමගේ පුරෝගාමියෙක් වූ ඉන්දික ගුණවර්ධන දිවිසැරිය නිමකරයි

සමාජජාලා ක්‍රියාකාරීත්වය තීව්රවෙත්ම එහි නිර්මාණ සංසරණයද වේගවත්වීය. ඒ ඇසුරෙන් නැවුම් සාහිත්‍යයක් ද වර්ධනය වන්නට මග හෙළිවෙමින් පැවැතීය. මේ ගමන්මගේ ශ්‍රී ලාංකේය සලකුණ ඉහළින්ම තබන්නට සමත් වූ නිර්මාණවේදියෙක් වූයේ ඉන්දික ගුණවර්ධන සහෘදයා ය.

සමාජජාලාහි සරන නවක කවි කිවිඳියන්ට නොමඳ හිතෛෂීවන්තයෙක් වූ ඉන්දික අද අලුයම අප අතැර ගිය බව “ලංකාසිටිසන්”හි අපි මෙසේ සටහන් කරන්නේ දැඩි සංවේගප්‍රාප්තව ය.

අද (2017 දෙසැම්බර් 13) අළුයම හදීසි හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති සහ රජයේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ගේ සොහොයුරෙකු ද වූ ඔහු නිබඳ සොඳුරු මිනිසෙක් වීය. මිය යනවිට ඔහු හතළිස් හැවිරිදි වියේ පසුවීය.

ඔහු විසින් ලියන ලද පද්‍ය සංකල්පනා ඇතුළත් ‘අවන්හල් බළල්ලු‘ ,‘සිසිරයේ දිගු රැයක‘, ‘හිතේ කෙටූ ටැටූ‘ ආදී කාව්‍ය කෘති පාඨකයන් අතර මහත් ජනප්‍රසාදයට පත් විය.

නූතන සමාජ ජාල කවි පරපුරේ පුමුඛතමයෙකු මෙලෙස හදීසියේ ජීවිතයෙන් සමුගැනිම සමාජ ජාල කවියේ ප්‍රගමණයට ප්‍රබල බාධාවක් වනු ඇත.

ඔහු ගේ දේහය අවසන් ගෞරව සඳහා හෙට (14) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබේ.

ඉන්දික ගුණවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු 15 වනදා(සිකුරාදා) බද්දේගමදී සිදු කෙරේ.

ඉන්දික පැතූ ලොවක සතුටින් වැජඹේවා..!!

Image may contain: one or more people and flower

No automatic alt text available.

Image may contain: 1 person, standing and flower

Image may contain: 1 person, indoor

සේයාරූ…
පිටර් ජෙරොම් තිසරණ පෙරේරා ගෙන් සහ සම්පත් සුදුසිංහගෙන් උපුටාගතිමු.