ව්‍යාපාරික

යහපාලනයෙන් තුන්වන වතාවටත් ගුවන්විදුලියට සභාපතිවරයෙක්

යහපාලන ආණ්ඩුව පත්වූ පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පත් කළ තුවන සභාපතිවරයා ඊයේ (2017 දෙසැම්බර් 12) දින වැඩ භාරගත් බව නිවේදනය කර තිබේ.

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමතිවරයා අතින් සිය පත්වීම ලබාගත් ඔහු නමින් සිද්දි මොහොමඩ් ෆාරුක් නම් අයෙකි. රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඔහු ව්‍යාපාරිකයෙක් බවයි සැළවන්නේ.

යහපාලන රජය පැමිණීමත් සමගම නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මෙහි සභාපති ලෙස පත් කෙරුණු අතර, ඉන් අනතුරුව සිදුවූ ඇමති මාරුවෙන් පසු නීතීඥ සුදර්ශන ගුණවර්ධන පත් කෙරුණි. සුදර්ශන ගුණවර්ධන වෙනස්කම් කිහිපයක් කරමින් ගුවන්විදුලියට ජනප්‍රියත්වයක් ළගාකිරීමට වෙර දැරූ අතර විවිධ බාහිර පුද්ගලයින් ඊට ගෙන්වා වැඩසටහන් කරවන තැනකට පත් කළේය. එහෙත් මාධ්‍ය ක්ෂේත්‍රෙය් දැනුම අඩු එහෙත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් වූ සුදර්ශන ගුණවර්ධන රංග කංසූරිය ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළේය.

කෙසේ වෙතත් ගුවන් විදුලියේ සේවයට වැඩි ඇල්මක් දැක් වූ සුදර්ශන ගුණවර්ධන ඉවත් කොට පුද්ගලික නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ සේවකයෙක් මේ තනතුරට පත් කිරීමට මීට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍යවරයා උත්සාහ දරා ඇති අතර, අගමැත්වරයාගේම සමීපතමයින්ගෙන් ඊට එල්ලවූ බලවත් විරෝධය හමුවේ ඒ පත්වීම අකුලා ලන්නට සිදුවීය.

කෙසේ වෙතත් මෙවරද පත්කොට ඇත්තේ රාජකීයය විද්‍යාලයේ ආදිසිසුවෙක්වන මාධ්‍ය ක්ෂේත්‍ර යේ කිසිදු පලපුරුද්දක් හෝ සිංහල භාෂාවද හැසිරවිය නොහැකි ව්‍යාපාරිකයෙක් වීම තවත් විශේෂත්වයකි. රාජ්‍ය මාධ්‍ය 1990 දශකයේ මුල් කාලයේ සිට වලපල්ලට ඇද වැටුණු අතර මේ ආයතන බොහොමයක ප්‍රධානීන් දේශපාලන හෙංචයියන්ගෙන් සහ වැඩබැරි ටාසන්ලාගෙන් සමන්විත බව එහි සේවකයෝ පවසති.