ආකල්ප

යුරේනස් ලංකාවත් ලෝකයත් හදයිද? වනසයිද?

# අප පසුගිය සතියේදී ඉදිරියට එන කාලගුණය සහ ස්වාභාවික විපත් ගැන කතා කළා. දැන් ලෝකය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පෙන්නුම් කරන ආර්ථික තත්ත්වය පිළිබඳව කතා කළොත්, එහි ස්වරූපය කෙසේ වේවිද ?

ලෝකය සහ ලංකාව කියන දෙතැනටම කාලගුණ විපර්යාස ස්වභාවික විපත් සහ සමාජමය හැල හැප්පීම් නිසා හානිදායක තත්ත්වයක් හට ගන්න බව ඇත්ත. එවැනි වටපිටාවක ආර්ථික රටාවත් බිඳ වැටීමකට ලක්වෙයි කියලා සාමාන්‍ය තාර්කික බුද්ධියෙන් කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්. නමුත් ටොලමියානු ජොතිෂයේ සූත්‍ර අනුව, මේ දිහා ඒ වගේ සාමාන්‍ය පැතලි තර්කවලින් බලන්න බෑ. පුරෝකතනයක් කියන්නේ මතුපිටින් පෙනෙන හෝ බැලූ බැල්මට හැඟෙන සරල කතාවක් ඉස්මතු කිරීම නෙවෙයි. මතුපිටින් පෙනෙන දෙය තුළ තිබෙන නොපෙනෙන දෙය පාදා ගැනීම තමා කළ යුතුව තිබෙන්නේ. අන්න ඒ අනුව ඉතා හොඳින්ම ග්‍රහණය වන දේ තමයි මෙතුවක් කල් පැවතුණු ලෝක ආර්ථික රටාව ඉදිරි අවුරුදු හත ඇතුළත මුළුමනින්ම වෙනස් වෙනවා. 2018 අප්‍රේල් 13 සිට ඉදිරියට ඒ සිදුවීම් දකින්න ලැබෙයි. ඒ වෙනස සාමකාමී ක්‍රමයන්ට සීමා වෙන්නේ නෑ. ප්‍රචණ්ඩකාරී සිදුවීම් ලෝක ආර්ථික රටාව වෙනස් කිරීමට බලහත්කාරී සාධකයක් හැටියට ඉස්මතු වෙයිපසුගිය වසර 84, එහෙමත් නැත්නම් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ මහා ආර්ථික බලවතුන් බවට පත්වූ බල කඳවුරු කඩා වැටෙනවා විතරක් නෙවෙයි ඊටත් වඩා ශක්තිමත් ආර්ථික බල කඳවුරු අලුතින් ගොඩ නැගෙනවා. ලංකාව ගත්තොත් අපේ රටේ ආර්ථිකය දුබල වෙයි කඩා වැටෙයි කියලා තමා බොහෝ විට පුරෝකතන කෙරෙන්නේ. පවතින ව්‍යාකූල තත්ත්වය ඇතුළේ මතුපිටින් බලලා එහෙම කියන නමුත් මේ දේ ස්ථිරවම කිව යුතුයි. අපේ ජාතික ආර්ථිකය හැම අංශයකින්ම ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි දැවැන්ත ප්‍රතිසංස්කරණයකට සහ වේගවත් වර්ධනයක් කරා නිසැකයෙන්ම ගමන් ගන්නවා. මේක අපේ රටට නව යුගයක ආරම්භයක්

# වැඩ වර්ජන, කාලගුණ විපත්, රජයේ ආදායම් පහළ බැසීම් ආයෝජන ආපසු යෑම ඉහළ යන බඩු මිල කියන මේ ප්‍රවෘත්ති තමා අද බහුලව අහන්න ලැබෙන්නේ. එහෙම තිබියදී ඔබ පමණයි කියන්නේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවාය කියලා. පවතින පසුබිම සහ ඔබ පවසන පුරෝකතනය අතර නොගැලපීමක් තියෙනවා නේද ?

දේශපාලන සටන් පාඨ හෝ දේශපාලන ළබැදියාවන් හෝ ජොතිෂය පුරෝකතනයන්ට කිසිසේත්ම සම්බන්ධ කරගත යුතු නෑ. පෞද්ගලිකව මටත් දේශපාලන මතයක් තිබිය හැකියි. නමුත් වෘත්තීය මට්ටමින් මේ දිහා බැලිය යුතුයි. පුරෝකතන ශාස්ත්‍රයට පිළිගත් න්‍යාය මූලධර්ම තිබෙනවා. ඒ අනුව අනාගතය දකිනව මිස මේ බැලූ බැල්මට පෙනෙන දේ අල්ලගෙන බොරු අනාවැකි කීම ලැජ්ජාවක්. එහෙම කළ නිසා සහ තවමත් සමහරක් අය ඒ බොරුව කරන නිසා තමා ජොතිෂය විහිලුවට ලක්වෙලා තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඉදිරි වසර හත අපේ රටට කලාතුරකින් උදාවෙන ස්වර්ණමය කාල පරිච්ඡේදයක්. සමාජ ආර්ථික සහ දේශපාලන කියන සෑම අංශයකින්ම අපේ රට අලුත් ජවයකින් පිබිදෙනවා. ලෝකය එක් පැත්තකින් විනාශ වෙනවා තව පැත්තකින් ගොඩනැගෙනවා. ලංකාවටත් ඒ නියාමය ඒ විදිහටමයි බලපාන්නේ. පවතින සම්මත ආකෘති විනාශ වෙලා අලුත්ම අලුත් ආකෘති නිර්මාණය වෙනවා. අන්න ඒකට ලෝක පරිමාණව යුරේනස් ග්‍රහයාත් ජාතිකව සෙනසුරු ග්‍රහයාත් සම්බන්ධ වෙනවා.

# ඒක කොහොමද වෙන්නේ කියලා ජොතිෂය පැත්තෙන් විස්තර කරන්න පුළුවන්ද ?

පහුගිය 2016 දෙසැම්බර් මාසයේදී මා ඔය ගැන සම්පූර්ණ පොතක්ම ලියා පළ කළා. ඒ තොරතුරු කිහිපයක් කෙටියෙන් නැවත සිහිපත් කිරීම වැදගත් වෙයි. අපි මුලින්ම බලමු යුරේනස් කියන්නේ කවුද ? ඔහු මොනවද කරන්නේ ? කියලා.
ග‍්‍රහලොව සිටින ප‍්‍රබලත ම පෙරළිකාරයා යුරේනස් ය. පෘථිවියේ සමාජ දේශපාලන සහ විද්‍යා තාක්ෂණ විප්ලව හට ගැනීම කෙරෙහි යුරේනස්ගේ ඍජු සම්බන්ධයක් පවතිනවා. ඊටත් වඩා ලෝක පරිමාණ යුද්ධ නිර්මාණය කිරීමට සහ ඒවායේ ජය පරාජය තීරණය කිරීමට මේ ග‍්‍රහයාගේ පිහිටීම තීරණාත්මක වී තිබෙන බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි එමට යි.1942 දෙවැනි ලෝක යුද සමයේදී බලවත් ජර්මන් නාසි හමුදාව විසින් සෝවියට් දේශය හෙවත් රුසියාව ආක්රමණය කළා. තම රට සහ සමාජවාදී විප්ලවය ආරක්ෂා කැර ගැනීමට සෝවියට් රතු හමුදාව විසින් අනුගමනය කරන ලද්දේ ලොව මවිත කරවන යුද උපායක්. ඔවුන් එකී රහසිගත මෙහෙයුම නම් කෙළේ ඔපරේෂන් යුරේනස් යනුවෙන්.
1942 නොවැම්බර් 19 සිට 23 දක්වා වූ දින කිහිපය මුළු ලෝකයට ම තීරණාත්මක වුණා. මේ සටනින් හිට්ලර්ගේ නාසි හමුදාව ජය ගත්තේ නම් ලෝක ඉතිහාසය මීට වඩා බෙහෙවින් ම වෙනස් වීම නො වැළැක්විය හැකිව තිබු දෙයක්. ඒ වනවිට පැවති ග‍්‍රහ චලිතය අනුව යුරේනස් අංශක 09.43 සහ සෙනසුරු අංශක 16.54 ලෙස වෘෂභ රාශියේ සංයෝගව සිටියා. ජර්මන් හමුදාව අන්ත අසරණ කරමින් රතු හමුදාවේ යුරේනස් මෙහෙයුම යුද්ධයෙන් විජයග‍්‍රහණය කළා. මේ සටන නිමාවන විටත් යුරේනස් ගිනි මර්මස්ථානයක සිටියේ. සෙනසුරු වායු මර්මස්ථානයක සිටි හෙයින් ජයග‍්‍රාහී සෝවියට් රතු හමුදාව ඉන් නො නැනවතී සටන වඩාත් වේගයෙන් ඉදිරියට ගෙන ගියා. ජර්මන් භූමියේදී ම සහමුලින් ම හිට්ලර් පරාජයට පත් කරන තුරුම සටන අත හැරියේ නැහැ.
1914 ජූලි 28 දා සිට 1918 නොවැම්බර් 11 දක්වා වූ කාලයේ පළමුවැනි ලෝක යුද්ධය හට ගත්තා. සංග්රාමය ආරම්භ කෙරෙන විට සෙනසුරු මිථුනයේ ද යුරේනස් මකරයේ ද සිටි මුත් එය අවසන්වන විට යුරේනස් කුම්භ රශියේ අංශක 01.05 ද සෙනසුරු සිංහ රාශියේ අංශක 04.46 වශයෙන් විද්යමාන වුණා. මෙහිදීත් ගිනි සහ වායු රාශි දෙකක සිටිමින් සෙනසුරු සහ යුරේනස් අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් පෙන්වූවා. ක්ෂුද්‍ර සූක්ෂ්ම ලෙස බලන විට මෙහිදී පළමු ලෝක යුද්ධයේ ආරම්භය සහ අවසානය යන අවස්ථා දෙකට ම යුරේනස් සහ සෙනසුරු මගින් ගිනි සහ වායු මර්මස්ථාන සම්බන්ධ වී තිබෙන බැව් පැහැදිලි වෙනවා.
පළමු ලෝක යුද්ධය අතරතුරදී 1917 දී රුසියන් විප්ලවය ආරම්භ වුණා. එහිදී යුරේනස් පීඩිත කම්කරු ජනයා නියෝජනය කරන සෙනසුරුට හිමි මකර රාශියේ ද සෙනසුරු චින්තනයට අධිපති සඳු හිමි කටක රාශියේ ද සිටි අතර මෙහිදී අදාළ ග‍්‍රහයන් දෙදෙනා වෙතින් ජල සහ පඨවි බල සංයෝගය ඉතා යහපත් ලෙස විද්‍යමාන කෙරෙන්නේ, එය මානව ශිෂ්ටාචාරයේ ප‍්‍රගතිගාමී සමාජ දේශපාලන විප්ලවයක් බව මොනවට තහවුරු කරමින්. චින්තනමය විප්ලවයන්ට ජල රාශී තීරණාත්මක වේ.
ක‍්‍රිස්තු වර්ෂ 1789 සිට 1799 දක්වා පැවති ප‍්‍රංශයේ විප්ලව සමයේදී යුරේනස් සහ සෙනසුරු යන ග‍්‍රහයන් දෙදෙනා ජල සහ පඨවි රාශිවල සිටිමින් එකී සමාජ දේශපාලන විප්ලවයන් සඳහා බලපා ඇති ආකාරය ද මැනවින් පෙනේ. 1799 වන විට යුරේනස් පඨවි රාශියක් වූ කන්‍යාවේ ද සෙනසුරු ජල රාශියක් වූ කටකයේ ද තැන්පත්ව සිටියා. ලෝක ඉතිහාසයේ හටගත් සමාජ දේශපාලන පරිවර්තනයන් සහ විප්ලවයන් සඳහා මේ ග‍්‍රහයන් දෙදෙනාගේ ජල සහ පඨවි බල සංයෝගය කෙතරම් දුරට බලපා තිබේද යන්න බැලුවහොත්, එබඳු සංයෝගයක් නොතිබූ අවස්ථාවක හට ගත් එකම සමාජ දේශපාලන පෙරළියක් වත් ඉතිහාස පොත පතේ සඳහන්ව වන්නේ නැහැ.
යුරේනස් ග‍්‍රහයා පිළිබඳ අවබෝධය ක‍්‍රිස්තු පූර්ව 128 ට පෙර කාලයේ පටන් පැවති බවට සාධක තිබෙන මුත් එහි දර්ශන මාත‍්‍රයක් මුල්වරට දුටු බවට ලිඛිත සාක්ෂි ලැබෙන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1750 – 1769 කාලයේදී බැව ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ ඡුසැරරු ඛැපදබබසැර සඳහන් කරනවා. එහෙත් යුරේනස් සොයා ගැනීම නිල වශයෙන් ලෝකයේ අවධානයට ලක්වන්නට ගත්තේ 1781 මාර්තු 13 දා විලියම් හර්ෂල් විසින් කරන ලද ප‍්‍රකාශයකින්.
මුලදී බටහිර ජ්‍යොතිෂවේදීන් විසින් මේ ග‍්‍රහයා හර්ෂල් ලෙස හඳුන්වනු ලැබූවත් පසුව එහි නම යුරේනස් ලෙස ව්‍යවහාර කළා. ග‍්‍රීක පුරාවෘත්තයක එන අහසට අධිපති ධමර්බදි දෙවියා යුරේනස් ලෙස මේ ග‍්‍රහයාට ආදේශ කෙරුණා. පෙරදිග ජ්‍යොතිෂය ද ඊට පෙර මේ ග‍්‍රහයා වරුණ ලෙස නම් කර තිබුණා.
යුරේනස්ගේ දර්ශන මාත‍්‍රයක් මුලින් ම දුටු අවස්ථාව ලෙස සැලකෙන ක‍්‍රි. ව.1750 න් පසුව සිදු වූයේ කුමක්දැ1760 වසරේදී කාර්මික විප්ලවයට පසුබිම සකස් වුණා. අද පවතින කාර්මීකරණය සහ තාක්ෂණික යන්ත්රෝපකරණ නිර්මාණය වන්නට ගත්තේ කාර්මික විප්ලවයේ ප්රතිඵලයක් වශයෙන්. ඉන් අනතුරුව විද්යා තාක්ෂණ – සමාජ දේශපාලන පෙරළි ගණනාවක් ලෝක පරිමාණයෙන් සිදු වුණා. ඒ විප්ලව සහ යුරේනස්ගේ 7ං12=84 ග්රහ චලිතය අනුව ලෝකයේ මහ පෙරළි හට ගන්නා අයුරු පෙනේනවා. එනම් යුරේනස් එක් රාශියක වසර 7 ක් ගත කිරීම. ඒ අනුව වසර 7 න් 7 ට එක් එක් රාශිය තුළදී ඔහු විසින් නිවේදනය කරන බලපෑම වෙනස් වෙනවා. දෙවනුව රාශි දොළොස වටා ගමන් කිරීමට ඔහුට ගතවන කාලය වසර 84 ක්. ඒ අනුව වසර 84 න් 84 ට වෙනස් ම විපාක ගෙන දෙයි.
වර්ෂ 1789 දී මාරටින් හෙන්ඩ්රිච් කැලැපෝර්ඩ් , විසින් අලූත් ම මූලද්රව්යයක් සොයා ගත්තා. එය යුරේනියම් ලෙස නම් කළා. පසුව අලූතින් ම සොයා ගත් ග්රහයා ද ඒ අනුව යමින් යුරේනස් ලෙස නම් කළා. ඒ කෙතරම් දෛවෝපගත සිද්ධියක් ද යත් යුරේනස් මතුවීමෙන් පසු යුරේනියම් සොයා ගත්තා සේම යි විමසා බැලුවහොත්?යුරේනියම් නිසා බලශක්ති ක්ෂේත‍්‍රයේ විපුල වර්ධනයකට මග පෑදුණා. යුරේනස් විදුලි බලය සහ න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ නියමුවා ලෙස ජ්‍යොතිෂයේදී සැළකෙනවා.
තිබෙන්නා වූ දෙය මහා පරිමාණයෙන් වෙනස් කිරීම හෝ අලූත් ම පරිවර්තනයන් ඇති කිරීම යුරේනස්ගේ මූලික කාර්යභාරය වෙනවා. ඔහු ග‍්‍රහලොව විප්ලවකාරයා වන්නේ ඒ අනුවයි. බොහෝ විට සෙනසුරු සහ බ‍්‍රහස්පති යන ග‍්‍රහයන් දෙදෙනා යුරේනස්ගේ කටයුතු කෙරෙහි මනා අනුග‍්‍රහයක් දක්වන බවත් පෙනී යන දෙයක්. ලෝක පරිමාණ විප්ලව හෝ යුද්ධ හෝ ඇති කිරීමට යුරේනස්ට ඇති බලය පුදුම සහගත බව ලෝක ඉතිහාසය ම සාක්ෂියක්.

# ඒ කියන්නේ ඉදිරි වර්ෂවල තාක්ෂණයේ සහ විද්‍යාවේ පෙරළියක් සිදුවෙනවා කියලද, විශේෂයෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වනවා කියන එකද?

මේ උදාවන්නා වූ 2017 සිට 2024 දක්වා වූ සත් වසරක කාල පරිච්ජේදය මේෂ යුරේනස් කාලය ලෙස හැඳින්විය හැකියි. 2024 සිට 2031 දක්වා එන වෘෂභ යුරේනස් කාලයේදී ලෝකය අලූත් ම මුහුණුවරකින් අලූත් ම පාලන ක‍්‍රමයකින් සහ අලූත් ම විද්‍යා තාක්ෂණ ක‍්‍රමයකින් පොහොසත් වෙනවා. සංඛ්‍යාත්මකව ගත් කළ පරමාණු බෝම්බය සහ න්‍යෂ්ටික අවි පිළිබඳ කළල අවස්ථාවට හරියට ම ශත වර්ෂය සැපිරෙන්නේ 2031 හෙවත් වෘෂභ යුරේනස් අවසාන අංශකයේදී යි. අනාගත ලෝකයට වුවමනා අයුරින් ලෝක නායකයන් සහ විද්වතුන් බිහි කිරීම ඉතිහාසය සතු අසම සම බලයක්. එය ක‍්‍රියාවට නගන්නේ සෙනසුරුගේ මුත්තා ලෙස සැලකෙන ග‍්‍රහලොව කෙළවර සිටින යුරේනස්.

යුරේනස් වසර 84 කට වරක් සහ සෙනසුරු වසර 30 කට වරක් ද ලෝකය අලූත් කරමින් සමාජ දේශපාලන විප්ලවයන්ට මුල පුරන බව මෙහි පළමුවැනි පරිච්ජේදයේ සඳහන් කළා ඔබට මතක ඇති. ප‍්‍රංශ විප්ලවයට යුරේනස් විසින් දුන් දායකත්වය මෙන් ම පළමු ලෝක යුද සමයේදී රුසියානු සමාජවාදී විප්ලවයට පසුබිම සකස් වූ අයුරුත් එහිදී විස්තර කෙරුණා. ඒ චක‍්‍රය ම දෙවැනි ලෝක යුද සමයට සමාන්තරව ක‍්‍රියාත්මක වූ අතර යුරෝපයේ නාසිවාදය සහ චීනයේ කොමියුනිස්ට් නැගිටීම යන සිද්ධි දෙක ම විද්‍යමාන වන්නට ගත්තේ 1931 දී යුරේනස් මේෂ රාශියට පැමිණ ආරම්භ කළ අලූත් චක‍්‍රයත් සමඟයි. එකල හිට්ලර් – මුසෝලිනි – වින්ස්ටන්ට් චර්චිල් – චාල්ස් ඩිගොල් – ඇල්බට් අයින්ස්ටයින් සහ මාවෝ සේතුං යුරේනස් විසින් ඉතිහාසයට බිහි කළ චරිත වෙනවා.
1874 නොවැම්බර් 30 දා පාන්දර 01.30 ට එංගලන්තයේ වුඩ්ස්ටොක්හි උපන් චර්චිල් කන්යා ලග්නයට අයත් වෙනවා. මොහුගේ කේන්දරයේ වායු බලය 25.7 ක් වන අතර තේජෝ බලය 42.3 ක්. ඒ දෙකෙහි එකතුව සියයට 68 ක්. චර්චිල් කෙතරම් නිර්භීත සහ අධි ක්රියාකාරී සටන්කාමීයකු ද යන බව මෙයින් මනාව පැහැදිළි වෙනවා.
1889 අපේ්රල් 20 දා සවස 06.30 ට ඔස්ට්රියාවේදී උපන් හිට්ලර් තුලා/ වෘශ්චික ලග්නයට අයත් වෙනවා. ඔහුගේ කේන්දරයේ වායු බලය 26.5 ක් වන අතර තේජෝ බලය 26.9ක් සහ ජල බලය 0 ක්. පුදුමයට කරුණ නම් ඉතිරි 46.7 ම පඨවි බලයට අයත් වීම. මොහු සටන්කාමීයෙක් සේම ඉතා මුරණ්ඩු ප‍්‍රායෝගික නොවන සිත් ඇත්තෙකු බව එයින් පැහැදිළි කරනවා. ජල බලය හීන පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශක්තිය ද හීනයි.
1893 දෙසැම්බර් 26 දා උදේ 07.30 ට චීනයේ සියැං ටෑන් හි උපන් මාවෝ සේතුං ධනු / මකර ලග්නයට අයත් වේ. ඔහුගේ කේන්දරයේ වායු බලය 40.2 ක් සහ පඨවි බලය 31.9 ක්. තේජෝ බලය 16.4 ක්. ජල බලය 11.5 ක්. තම අරමුණ මත තිරව පිහිටා ක‍්‍රියාකරන විප්ලවකාරී මනස මෙහි එන වායු සහ පඨවි බලද්වයෙන් පෙන්වනවා. සන්නද්ධ හමුදාමය ක‍්‍රියාකාරීත්වයට වඩා උපක‍්‍රමශීලීව සතුරා මැඩලීම මේ කේන්දරයෙන් මොනවට පැහැදිළි වෙනවා.
1883 ජූලි මස 29 දා සවස 02.00 ට ඉතාලියේ උපන් බෙනිටෝ මුසොලිනි වෘශ්චික ලග්නයට අයත් වෙනවා. මොහුගේ කේන්දරයේ චතුර්බල සියල්ල ම පවතින්නේ 30෴ කට අඩුවෙන්. ඒ අනුව ඔහු කිසිදු අංශයකින් කැපී පෙනෙන්නකු නොවෙයි. එහෙත් ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු ඔහු ගොදුරු වුණා.
ඉතිහාසයේ දෛවය විසින් කරන ලද තවත් පුදුමාකාර වෙනස්කම් දෙකක් අපගේ නිරීක්ෂණයට ලක්විය යුතුයි. දෙවැනි ලෝක යුද සමය ඇරඹෙන විට බලයේ සිටි එංගලන්තයේ අගමැතිවරයාට සහ අමෙරිකාවේ ජනාධිපතිවරයාට යුද්ධය අවසන් වීමට පෙර අනපේක්ෂිතව ඉවතට විසී වන්නට සිදුවුණා. නෙවිල් චෙම්බර්ලින් අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවා නම් වින්ස්ටන් චර්චිල් කෙනෙකු බිහි වන්නේ නැහැ. ෆ්රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් ජනාධිපති ධූරයෙන් සමු නොගත්තා නම් හැරී ටෘමන් කෙනෙකු බිහි නොවන්නා සේ ම ජපානයට පරමාණු බෝම්බ ප‍්‍රහාර එල්ල වන්නේ නැහැ.
ඉතිහාසයේ දෛවය හැම විට ම සැලසුම් සහගතයි. ක‍්‍රමානුකූල යි. අවස්ථාව එනතුරු පුදුමාකාර ලෙස ඉවසිලිවන්තයි. එහෙත් තම සැලසුම් අකුරක් නෑර ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය ඕනෑ ම පියවරක් ගැනීමට එය පැකිලෙන්නේ ද නැහැ. ජපානය සහ ජර්මනිය ලවා ලෝක පරිමාණ යුද්ධ නිර්මාණය කෙළේ ඉතිහාසයේ දෛවයට වුවමනා හැටියටයි. ජර්මනියේ හිට්ලර් සහ ජපානයේ හිදෙකි ටෝජෝ යන දෙදෙනා ලවා යුද්ධය ක‍්‍රියාත්මක කළ ඉතිහාසයේ දෛවය විසින් ම ඒ දෙදෙනා පරාජයට පත් කිරීමට චර්චිල් සහ අයින්ස්ටයින් වැන්නෝ නිර්මාණය කරනු ලැබුණා. සෑම වසර 84 කට වරක් ම ඉතිහාසය විසින් සිද්ධ අලූත් කරන අතර ඒ සඳහා උචිත ම පුද්ගලයන් නිර්මාණය කිරීම ද සාමාන්‍ය සංසිද්ධියක්.
සිද්ධි සහ පුද්ගලයන් ඒ අනුව ඉස්මතු වෙනවා. බොහෝ විට මේ ක‍්‍රමවේදය ඉතා කුරිරුයි. බිහිසුණුයි. එහෙත් ඉතිහාසයේ දෛවය විනිශ්චය කිරීමට අපට හැකියාවක් නැහැ. අපට කළ හැක්කේ එය නිරීක්ෂණය කිරීම පමණයි. යුරේනස් සහ සෙනසුරු යනු ඉතිහාසයේ දෛවය සූදානම් වන්නේ කුමකට ද යන්න කල් තබා පෙන්නුම් කරන ග්‍රහයෝ දෙදෙනෙක්.
ඉතිහාසයේ දෛව්‍ය වෙනස් වන්නේ දාර්ශනික හා කලා ශිල්පවලින් පමණක්ද?
මේ සමඟ ම මතක තබා ගත යුත්තේ ලෝකය අලූත් කිරීමට ඉතිහාසයේ දෛවය විසින් හැම විට ම කෲරතර ක‍්‍රමවේද පමණක් ම තෝරා නො ගන්නා බවයි. ආධ්‍යාත්මික නායකයන් – ආගමික ශාස්තෘවරුන් – දාර්ශනිකයන් – ඉතිහාසඥයන් – සංගීතඥයන් – සහ කලාකරුවන් මගින් ලෝකය වඩාත් ආධ්‍යාත්මික අංශයෙන් අලූත් කිරීමට ඉතිහාසය නිසි කලට ක‍්‍රියාත්මක වෙයි. ඒ පිළිබඳව පූර්ව නිමිති සපයන්නේ නෙප්චූන් සහ බ‍්‍රහස්පතී යන ග‍්‍රහයන් දෙදෙනයි. දාර්ශනික – ආගමික යුග – මහා සංගීත සම්ප‍්‍රදායන් – සාහිත්‍ය ධාරාවන් – සිනමා – නාට්‍ය කලා නිර්මාණ පෙරළි මගින් ලෝකය අලූත් කරවන අවස්ථා එකක් නෑර නෙප්චූන් විසින් නිවේදනය කරනු ලැබුවා.
යුරේනස් අවි බලයෙන් සහ තාක්ෂණයෙන් ලෝකය අලුත් කොට නික්ම ගිය පසු නෙප්චූන්ගේ වාරය උදාවෙනවා. එවිට නැවත ආධ්‍යාත්මික පිබිදීම් සමඟ මහා දර්ශනවාද – සාහිත්‍ය – සංගීත – සිනමා – නාට්‍ය – කලා යනාදියෙහි විප්ලවීය මහා සම්ප‍්‍රදායන් සහ විශ්වීය නිර්මාණ බිහි වෙනවා. ෂේක්ස්පියර්, පුෂ්කින්, තෝල්ස්තෝයි පමණක් නොව වාල්මිකි මෙන් ම බීතෝවන් – මොසාට් සමග චාලි චැප්ලින්ලා ද නිර්මාණය වුණා.
ඉතිහාසයේ දෛවයේ හැටි එහෙමයි. අප මේ ගත කරන කාලය වනාහී නෙප්චූන් නිද්‍රාශීලීව සිටින අවස්ථාව වන හෙයින් දාර්ශනික සහ කලා වින්දනය අතින් අපි හිඟන – පිසාච තත්ත්වයකට පත්ව සිටින්නෙමු. මෙකල වැරදීමකින් වත් අඩුම තරමින් ජෝතිපාල කෙනෙකු වත් අලූතින් බිහි වන්නේ නැහැ.

අමෙරිකා එක්සත් ජනපදයේ නව ට‍්‍රම්ප් තේරී පත්වන්නේ සමස්ථ ලෝකය ම නව පරිවර්තනයකට සූදානම් වෙමින් සිටින මොහොතකයි. ඔබ දැනටමත් දන්නා පරිදි එකී ලෝක විප්ලවය ඇති කරවන්නේ සෙනසුරු සහ යුරේනස් යන ග‍්‍රහයන් දෙදෙනායි. අන් සියලූ ග‍්‍රහයන්ට වඩා සෙනසුරු සහ යුරේනස් යන ග‍්‍රහයන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ කළ යුතු දෙය හොඳින් හෝ නරකින් හෝ දැනෙන්නට ම සිදු කිරීමයි. ඒ අනුව 2017 අපේ‍්‍රල් 09 දා සිට ඇරඹෙන ලෝක පෙරළිය ලෝක යුද්ධයක් හා සමාන ක‍්‍රියාදාමයක්.
යුද්ධයක් හෝ ගැටුමක් හට ගැනීමට නම් ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ලෝක ග‍්‍රහචාරය අනුව එකී පාර්ශ්වයන් දෙක කුමක් දැයි විමසීම එතරම් පහසු කටයුත්තක්නම් නෙමෙයි. ලෝක යුද ඉතිහාසයේ හමුවන පොදු න්‍යායක් තිබෙනවා, එනම් යුද්ධය ආරම්භ කළ පාර්ශ්වය බොහෝ විට පරාජයට පත්වෙන ලෙස. පළමු හා දෙවැනි ලෝක යුද්ධ දෙකේදී ම ඒ න්‍යාය සැබෑ වුණා.
නමුත් ක‍්‍රි. ව. 1500 ට එහා ලෝකයට ඒ නියමය අදාළ වූයේ නැහැ. මාකෝ පෝලෝ සහ කොලොම්බස්ගේ දේශ ගවේෂණ පසුව ඉතා පැහැදිලි ආක‍්‍රමණ බවට පත්වුණා. ඊටත් පෙර ඉතිහාසයේදී මහා ඇලෙක්සැන්ඩර්ගේ සංග‍්‍රාමික දිග් විජය ප‍්‍රතිපත්තිය හේතුවෙන් යටත් විජිත බවට පත් වූ රටවල් සංඛ්‍යාව ඈත අපරදිග සහ පෙරදිග යා කරන යුද සිතියමක් බවට පෙරළුණා.
මේ යුදමය ආක‍්‍රමණ පසුපසින් ඉතා බලවත් ලෙස ඇදී අවුත් පැළපදියම් වූ අදෘශ්‍යමාන ආක‍්‍රමණයන් ආගමික – සංස්කෘතික- ආර්ථික – දේශපාලන – විද්‍යා හා කලා ශිල්ප ආදී වශයෙන් පුළුල් පරාශයක විහිදෙනවා.
එහෙත් 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ සිට ඒ ආක‍්‍රමණිකයාට එරෙහිව ප‍්‍රතිවිරෝධතා දැක්වීම් බලවත් වන්නට ගත්තා. අධිරාජ්‍යවාදයට – යටත් විජිතකරණයට එරෙහි ජාතික විමුක්ති ව්‍යාපාර සන්නද්ධ සහ මතවාදී යන දෙ අංශයෙන් ම බලවත්ව නැගී සිටින්නට වුණා.
කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සන්නද්ධ හමුදාමය ආක‍්‍රමණ වෙනුවට ඊට වඩා සුමට එහෙත් ඉතා බලවත් ආක‍්‍රමණයක් නව යටත් විජිතවාදය ලෙස ලොව පුරා පැතිරුණා. අද කාලයේ වචනයෙන් කීවොත් ගෝලීය ධනවාදයට යටත් නොවන කිසිම රටකට පැවැත්මක් තිබු‍ණේ නැහැ. ගෝලීය ධනවාදය නම් නව ආක‍්‍රමණිකයාට එකඟ නොවී සහ කප්පම් ගෙවිමෙන් තොරව ලෝකයේ කිසිම රටක් ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ.
ආක‍්‍රමණ සහ යටත්විජිතකරණය පිළිබඳ ලෝක ඉතිහාසය විමසන විට ඉතා පුදුම සහගත සිද්ධියක් දක්නට ලැබෙනවා. ආක‍්‍රමණිකයාට අවනතව යටත් වීමට මෙන් ම ආක‍්‍රමණිකයාට එරෙහිව නැගී සිටීමටත් බලපාන කාල චක‍්‍ර දෙකක් තිබෙනවා. ඒ චක‍්‍ර දෙක වර්ෂ 84 කට වරක් මාරුවෙනවා. ඒ අනුව 1932 දී ආරම්භ වූ එක් චක‍්‍රයක් 2017 දී අවසන් වෙනවා. මේ කාල චක‍්‍රය නිවේදනය වන්නේ යුරේනස් ගෙන්. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ වූ ගෝලීය ධනවාදය – නව යටත් විජිතකරණය නම් ආක‍්‍රමණිකයා නුදුරු අනාගතයේදී පරාජයට පත්වීමට නියමිතයි.
2017 අපේ්රල් 09 දා සිට ඇරඹෙන අලූත් යුරේනස්ගේ චක්රය විසින් ලොව පුරා රටවල ජාතිකවාදය මුල් කොට ගත් ව්යාපාරයන් සන්නද්ධ සහ මතවාදී යන දෙ අංශයෙන් ම ඉස්මතු කරනු ලබනවා. තනි තනි රටවල හට ගන්නා හුදෙකලා ජාතිකවාදී සටන් ජය ගන්නා අතර ඊට අනුගත අලූත් සමාජ දේශපාලන සංවිධාන සහ නායකයන් ඉතා බලවත්ව නැගී සිටිනවා. ඊට අනුගත නොවන සාම්ප්රදායික දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් කාලය විසින් ම ඉවත් කරනු ලබනවා.

# ඉදිරියේදී විප්ලවීය වෙනසක් සිදු වන්නේ කිනම් අංශයකින්ද කියා ඔබට පැවසිය හැකිද?

දේශපාලන බලය සම්බන්ධයෙන් පමණක් නොව විද්‍යාව තාක්ෂණය – බල ශක්තිය – සහ ආර්ථික මූලෝපායන් ද විප්ලවීය වෙනසකට ලක්වෙනවා. පොසිල ඉන්ධන ඍජුව ම ගෝලීය ධනවාදයේ අතකොලූවක් බවට පත්ව තිබූ නමුත් ඉදිරි වර්ෂ 84 දී අරාබිය විසාලා නුවරක් බවට පත්වීම වැළැක්විය නොහැකි දෙයක් වෙනවා.
යුරේනස් විසින් අරාබියේ තෙල් බලය සමඟ ම ඉස්ලාම් ආධිපත්‍යය ද හමාර කිරීමට නියමිතයි. දෙවනුව කාලගුණ විපර්යාස සහ දැවැන්ත ස්වභාවික විපත් ආදියෙන් මැද පෙරදිග මිහිපිට නරකාදියක් බවට පත්වෙනවා. තුන්වැනිව ලෝකයේ විශාලතම සරණාගතයන් සිටින ප‍්‍රදේශයක් බවට අරාබිකරය ඛේදනීය ඉරණමකට ගොදුරු වෙනවා.
මීට පෙර පරිච්ජේදයක අංක විද්‍යාත්මක අගයකින් පෙන්වා දුන් පරිදි 2017 න් උදාවන අලූත් ලෝකයේ අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ‍්‍රායලය ද රුසියාව සහ චීනය ද මිතුරු සංධාන ලෙස බලවත් වෙනවා. ඒවා ඉතා පැහැදිලි පසමිතුරු කඳවුරු ලෙස ධ‍්‍රැවීකරණය වන අතර ලෝක ආධිපත්‍යය නැවත සීතල යුද සමයට ගමන් කරනවා.

#මෙවන් ව්‍යසනයන්ගෙන් බලපෑම පිළිබද ටොලමියානු ජොතිශ්‍යට අනුව පුරෝකතනය කරන්නේ කෙසේද?

කඩුවෙන් දිනූ දේ කඩුවෙන් ම වැනසෙන ධර්මතාව පසක් කරමින් සෙනසුරු සහ යුරේනස් ලෝකය නැවත පිළිවෙළකට අලූත් කරන ව්‍යාපෘතියේදී ආගමික සහ ආධ්‍යාත්මික පෙරළියකට මුල පුරනවා. එහෙත් එය සිදු කෙරෙන්නේ අවිය සහ බලය යොදා ගනිමින්. දැනටත් සිහින් සුළං රැළි ලෙස ලෝකය පුරා හමා යන ඉස්ලාම් විරෝධය ඉතා කනගාටුදායක ලෙස චණ්ඩ මාරුතයක් බවට පරිවර්තනය වෙනවා.
ඒ අනුව ලොව පුරා ඇති සියලූ ඉස්ලාමීය රාජ්‍ය මොඩලයන් සහ පාලනයන් එක පිට එක බිඳ වැටීම සිදු වෙනවා. නැතහොත් ඒවායේ අකෘතිය සහ අන්තර්ගතය වෙනස් කළ යුතු බවට බාහිරව හා අභ්‍යන්තරව බලවත් පීඩනයන් එල්ල වෙනවා. සවුදි අරාබිය ඉරානය – මැලේසියාව – ඉන්දුනීසීයාව – සිරියාව – ලිබියාව – ඊජිප්තුව – ඇෆ්ගනිස්තානය – යන රටවලට අයත් කේන්දර විශ්ලේෂණය කරන විට මේ සෑම රටක් ම නුදුරු අනාගතයේදී විප්ලවකාරී සමාජ දේශපාලන සහ සංස්කෘතික පරිවර්තනයන්ට ලක්වීමට නියමිතයි. යුරේනස්ගේ කාල චක‍්‍ර තුනක එකතුව වර්ෂ 252 ක්. ඊට එහා අතීතයේදී කඩුවෙන් සහ බලහත්කාරයෙන් සිදු කළ සියලූ ආගමික ව්‍යාප්තවාදයන් 2017 වර්ෂයේ සිට ආපසු කරකැවෙන්නට පටන් ගන්නවා.
යුරේනස් නූතන විද්‍යාවේ සහ උසස් නිදහස් චින්තනයේ නිවේදකයායි. වසර 84 කට වරක් මේෂ රාශිය හෙවත් විශ්ව කේන්දරයේ ශීර්ෂයට එන ඔහු ලෝකය අලූත් කිරීමට යොදා ගන්නේ තාක්ෂණය සහ යුද්ධයයි. එහිදී නිදහස් චින්තනය සහ ලෝක සාමයට එරෙහි කුමන හෝ අන්තවාදී හෝ වර්ගෝත්තමවාදී ව්‍යාපාරයකට වත් පැවැත්මක් නැති වෙලා යනවා. ගෝලීය ධනවාදය සහ එහි අකීකරු දරුවා වන ඉස්ලාම් මූලධර්මවාදය ඒ අනුව සහමුලින්ම පරාජයට පත්වීමට නියමිත යි.
පුදුමයකට මෙන් මෙවරත් එය ආරම්භ වන්නේ යුරෝපයෙන්. මීට පෙර වතාවේ මේෂ රාශියට පැමිණි යුරේනස් විසින් ජර්මනියේ වර්ගෝත්තමවාදී නාසි ව්‍යාපාරය ඉස්මතු කළා පමණක් නොව විශාල ජන සංහාරයක් සමඟ ම එය විනාශ කොට ලෝකය සෑම අංශයකින් ම අලූත් කෙළේ එකී නියාමය අනුවයි. ඒ අනුව ම මෙවර යුරේනස්ගේ ඉලක්කයට හසුවන්නේ ඉස්ලාම් මූලධර්මවාදය සහ එය පෝෂණය කරන ගෝලීය ධනවාදයයි.
ගෝලීය ධනවාදයේ ගෝඩ් ෆාදර් වන අමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැන්නෙකු ජනාධිපතිධූරයට ඔසවා තැබුවේ තමා විසින් හදාවඩා ගත් මුස්ලිම් මූලධර්මවාදය නැමති අකීකරු දරුවා ආණ්ඩු මට්ටු කිරීමට පමණක් නොව තමා විසින් ම මෙතෙක් රැක බලා ගත් ගෝලීය ධනවාදය ද තමාට ම එරෙහිව තර්ජනයක් ලෙස මතුව එන බැව් අවබෝධ කැර ගත් පසුබිමකදී බව වටහා ගත යුතුයි.
ගෝලීය ධනවාදය යනු කිරි එළදෙනක නම් අමෙරිකාව එකී එළදෙන කවා පොවා පෝෂණය කරන පැත්තේ සිටින විට පසු භාගයේ සිටින චීනය කිරි පමණක් නොව ගොම පොහොර ටික ද ඩැහැ ගන්නා බැව් පෙනේනවා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් උත්සාහ ගන්නේ මේ අවාසිය පියවා ගැනීමටයි. ඒ සඳහා ඔහු ජාතිකවාදය පෙරට ගන්නවා. එය ඉතිහාසයේ දෛවය විසින් තෝරා දුන් දෙයක් විනා ට‍්‍රම්ප්ගේ තෝරා ගැනීමක් නම් නොවේ. ඒ අනුව එක්සත් ජනපද ජාතිකත්ව රැල්ල ආපසු හැරවිය නො හැකි වන්නා සේම එය යුරෝපය හරහා සමස්ථ ලෝකය පුරා හමා යන්නේ යුරේනස් ගෙන් නිවේදනය වන ලෝක පෙරළියට පසුබිම සලසමින්. ඇත්තෙන් ම මේ පරිවර්තනය ආරම්භ වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ මවු රාජ්‍යය වන එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුවයිරාජ්‍යයන් – රාජ්‍ය නායකයන් සහ පුද්ගලයන් විසින් ඉතිහාසය නිර්මාණය කරන්නේ නැහැ. ඉතිහාසයේ දෛවය විසින් රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් නිර්මාණය කරනු ලබනවා. එංගලන්තයේ ආණ්ඩුව පවා යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු නැති බවට දැඩි ස්ථාවරයක් පළ කරමින් සිටියදී ඒ නොතකා මහජන මතය බලවත්ව නැගී අවුත් ඉතිහාසය විසින් ඉල්ලා සිටින දෙය ඉටු කළා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් පරාජය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එකී මතවාදයට අනුගත ලෝකය කෙතරම් බලවත් ලෙස නැගී සිටිය ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජය ගත්තා.
මේ පරාජයන් දෙක ම දරාගත නොහැකි වූවෝ තමන් පෙනී සිටින බව කී සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක් දැයි ඉතා ජුගුප්සාජනක ලෙස ලොවට ම පෙන්නුම් කෙළේ ඉතිහාසයේ සරදමක් ලෙසින්. තමන් මිය යමින් සිටින යුගයක විකාර රූපී අවතාර ලෙස දිස්වන බැව් ඔවුහු අවබෝධ කොට ගත්තේ නැහැ. ඔවුනට පෙනී ගියේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් යනු අමන ජාතිවාදියකු හෝ උග‍්‍ර මුස්ලිම් විරෝධීයකු හෝ වශයෙන්. ඒ මිස ට‍්‍රම්ප් විසින් නියෝජනය කරනු ලබන ඓතිහාසික යථාර්ථය කුමක් දැයි හඳුනා ගැනීමට ද ඔවුනට හැකි වුයේ නැහැ. නුදුරු අනාගත ලෝකයේදී මෙවැනි සමාජ දේශපාලන මතවාද එකක් නෑර අභාවප‍්‍රාප්ත කරවන්නට යුරේනස් පැකිලෙන්නේ නැහැ. ඔහු ලෝකයට අලූත් ම චින්තනයක් සහ අලූත් ම කියවීමක් ජනනය කරවයි2017 අපේ්රල් 09 දා සිට ඇරඹෙන යුරේනස්ගේ අලූත් ලෝකය තුළ මිනිසා ඉතා විශාල ලේ වන්දියක් ගෙවමින් සමාජ – දේශපාලන – ආර්ථික – සංස්කෘතික – සහ විද්යා තාක්ෂණ ජයග්රහණයන් දිනා ගන්නවා. ‘ඉතිහාසයේ වරක් සිදු වූ දෙයක් නැවත එලෙස ම සිදු වන්නේ නම් එක්කෝ එය ඛේදවාචකයක්, නැතහොත් විකාරයක්‘ යැයි සුප්රකට කියමනක් තිබෙනවා. ඒ එසේ විය හැකියි. ඉතිහාසයට සරල රේඛීය ගමන් මාර්ගයක් නැහැ. ඉතිහාසය හැම විටම ගමන් ගන්නේ සර්පිලාකාරවයි.
කෙනෙකු සර්පිලාකාර තරප්පුවක් මත ගමන් කරන්නේ නම් එක් වටයක් කරකැවෙන විට දිසාව අනුව නම් ආපසු උන් තැනට ම එන්නා සේ ඔහුට දැනෙනවා. එහෙත් ඔහු එහි සිටින්නේ පෙර සිටියාට වඩා ඉහළ මට්ටමක‍යි. ඉතිහාසයේ දෛවය ද එසේම යි. අපට කළ හැක්කේ ඒ පිළිබඳ පූර්ව නිමිති දැකීම පමණයි.
මේ විමර්ශනයට මූලාශ‍්‍ර වූයේ ලෝක ඉතිහාසයේ එක් එක් යුගයන්ට සමාන්තරව විශ්වයේ පැවති ග‍්‍රහ චලිතය නිරීක්ෂණය කිරීමක්. චක‍්‍රීය ග‍්‍රහ චලිතය සහ ලෝක ඉතිහාසය ඒකාකාර වේගයෙන් එක ම දිසාවකට ගමන් කරනවා. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පෞද්ගලික කේන්දරය අනුව නම් ඔහු ජනාධිපති ධූරයේ කොතෙක් කල් සිටීද යනු අඩමානයි. එහෙත් ඉතිහාසය තම ගමන දශමයකින් වත් ප‍්‍රමාද කරන්නේ නැහැ.

* කේ සී ජේ රත්නායක

Source