සංස්කෘති

ආදම්ගේ පාලම පණ ගහයි

පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පිහිටිබව කියූ ආදම්ගේ පාලම මිථ්‍යාවක්‌ නොවන බවත්, එය මිනිසුන් විසින් ඉදි කරන ලද්දක්‌ බවත් ඇමරිකානු නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූපවලින් සනාථ වී ඇත.

භූ විද්‍යාඥ ඇලන් ලෙස්‌ටර් විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30 ක්‌ වූ වැලිතලාවේ විශාල ගල් දැමීමට එදා සිටි මිනිසුන් ක්‍රියා කර ඇති බව සනාථ වන බවද, එම ගල් වසර 7000 ක්‌ පැරණි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ආදම්ගේ පාලම ගැන පසුගිය කාලය තුළ විවිධ ජනප්‍රවාද ප්‍රකාශයට පත් වී තිබූ අතර ඒත් තමිල්නාඩු ජනප්‍රවාදය දැක්‌වූයේ එය රාමායණයට නෑකම් කියන හනුමා විසින් ඉදි කළ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් ද පවතී.

මේ විද්‍යුත් ඇමිණුමෙන් නවතම තතු කියවන්න – නරඹන්න..

Ram-Setu bridge connecting India and Sri Lanka exists and it is man-made, claims US TV channel [VIDEO]

මේ වීඩීයෝව නරඹමු.