ආකර්ශණීය

ගම ඉල්ලා ජවිපෙ මන්ත්‍රීවරු ජනතාව හමුවෙති

ජනතා විමුක්ති පෙරමුණ මෙවර එළැඹෙන පලාත් පාලන මැතිවරණයේදී ගම ජවිපෙට තේමාව කරගනිමින් ජනතාව හමුවට යාමට තීරණය කරතිබේ. මෙහි පියවර කිහිපයක් පසුගිය දා ආරම්භ කළ බව එහි ආරංචිමාර්ග සදහන් කරයි.

ජනතාවිමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ද දැන් දරුවන් සුරතල්කරමින් ජනතාව අමතන සේයාරූපවා මේ දිනවල සමාජජාල ඔස්සේ සංසරණය කරමින් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මේ ආකාරයට කුඩා ජන කණ්ඩායම් හමුවෙමින් ගමින් ගමට යන අයුරු ඔහුගේ මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණි.

ජනතා විමුක්ති  පෙරමුණේ ගම ඉල්ලීමට උපහාසාත්මක යෙදුම් ද  සමාජ ජාලා ඔස්සේ දැකගත හැකිය. මේ එවන් යෙදුමකි.