ව්‍යාපාරික

ඇස්බැස්ටස් නැවැත්වූ නිසා රුසියාව තේවලින් පලිගනී…

පසුගිය කාලයේ තේ කර්මාන්තය කඩාවැටී තිබී ඉතා අසිරුවෙන් හිසඔසවන්නට ගත්විට දැන් කුරුමිණියෙක් ගේ ප්‍රශ්නයකින් තේ අපනයනයට බාධා පැමිණීම කනගාටුදායක බව ඇමති මනෝගනේෂන් පැවැසීය. එමෙන්ම දැන් සිදුව ඇත්තේ ඒ තේ පිටරටයුවූ බහාලුම් හිමි සමාගම තයනම් කිරීම මිස රටේම තේ අපනයනය තහනමට ලක්කිරීම නොවන බවත් ඔහු පැවැසීය.

එමෙන්ම පිළිකාකාරකයක් ලෙස හදුනාගෙන අපේරටේ තහනමට ලක්කර ඇති ඇස්බැස්ටස් භාවිතය රුසියාවට තදින් බලපාන්නට ඇතැයිද මනෝ ගනේෂන් ඇමතිවරයා සැක පහල කළේය. ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඇස්බැස්ටස් ආනයන කරන රට වන්නේ රුසියාව බවද ඇමතිවරයා පැවැසීය.

ඇසට ඇස ලෙස රුසියාව පලිගැනීමට මේ දේ කළා දැයි තව දුරටත් අදහස් දක්වමින් ඇමති මනෝ ගනේෂන් පැවැසීය

රුසියාව විසින් අනිද්දා (18) දිනයේ සිට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය ද සදහන් කර තිබුණි.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ මෙරටින් රුසියාවට ආනයනය කරන ලද තේ තොගයක ‘කප්රා කුරුමිණියා’ නමින් හඳුන්වන කෘමීයෙක් සිටීමයි.

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සදහා රුසියාව ප‍්‍රධාන ගැනුම්කරුවෙක් වන අතර මෙම 2017 වසරේ මුල් මාස 10 සදහා පමණක් රුසියාව විසින් ඩොලර් මිලියන 436ක් වටිනා තේ ටොන් 141,300ක් ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇත.

වසරකදී සාමාන්‍යයෙන් ඩොලර් බිලියන බාගයක පමණ තේ නිෂ්පාදනයක් රුසියාව විසින් ශ‍්‍රි ලංකාවෙන් මිලට ගන්නා අතර වසර දෙකකදී ඔවුන් මිලදී ගන්නා ප‍්‍රමාණය සමාන වන්නේ හම්බන්තොට වරාය චීනයට දී ලබා ගත් මුදලටයි.

රුසියානු තේ ඉල්ලුමෙන් 23%ක අවශ්‍යතාවයක් සපයන්නේ ශ‍්‍රී ලංකාවයි.