දේශීය

මත්පැන් දුම්වැටි සහනවලට එරෙහිව හිටං හුටං පෝස්ටරයක් රට පුරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යහපාලන රජයේ පොරොන්දු ලෙස ප්‍රකාශයට පත් කළ මත්පැන් සහ දුම්වැටි භාවිතයට අදාල පොරොන්දු දිගින් දිගටම කඩ කරමින් සහ මත්පැන් සහ දුම්වැඩි සදහා බදු සහන පෙරටත්වඩා ලබාදිම ආදී කරුණු මුල්කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් “සිංහලේ ජාතික පෙරමුණ “ විසින් දියත් කොට තිබේ.

මේ ව්‍යාපාරය ගත් එක් පියවරක් වන්නේ…

ලැජ්ජයි හිටං
කොලේ ඉරාගත්තා නේද හිටං
සිගරට් ගේන්න බලපත්‍ර දුන්නනේද නිකං
බියර් සහන දුන්නා හිටං
ළමයි අනාතයි නේද හිටං…

ඉහත වැකි සහිත පෝස්ටරය පසුගියදා ඔවුන් විසින් රටපුරා ප්‍රදර්ශනයට සලස්වා තිබුණි.

කෙසේ වෙතත් මේ ව්‍යසන සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුම්වත් කිරීමටත් ඊට එරෙහි පියවර ගැනීමටත් තමන් පියවර ගන්නා බව “ලංකාසිටිසන්“ හි අප කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

“… වැරදි සිදුකර කොලේ ඉරා නොගන්නා ලෙස නිරත පුරසාරම් දෙසන පුද්ගලයෙක් විසින් පසුගිය සතියේ තමන්ගේ සරම ගලවා ගෙන ඔළුවේ ඔතාගෙන තිබීමෙන් ලජ්ජාවට පත්ව සිටිතැයි සිතිය හැකිය. ලජ්ජාවේ ප්‍රමාණය කොපමණද දන්නේද ඔහුම ය. ප්‍රමාණය කොපමණ වෙතත් දේශ්පාලන බල‍ය රැකගැනීම පමණක්ම එකම අරමුණ කරගෙන ජීවත්වන පාලකයන් සිටින රටක අපට මීට වඩා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.

කෙසේ වෙතත් මේ තීන්දු තීරණ මගින් ඔහු අපවෙත මනාව ප්‍රදර්ශනය කර ඇත්තේ ඔහු මේ රටේ රාජ්‍ය පාලකයා නොවන බවයි . එය ඔහු විසින්ම පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා..“ යැයිද වැඩිදුරටත් සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සදහා 0772538960 අංකයෙන් ප්‍රදීප් සන්ජීව මහතා අමතන ලෙස සිංහලේ මහජන පෙරමුණ ආරාධනා කර සිටී.