දේශීය

සජිත්ගේ ආරක්ෂයෙක් වූද පාතාලයෙක් වූද හමුදාභටයෙක් වූද රියදුරෙක් වූද ඔහු ගිනිඅවි සමග අසුවීද…

ඇමති සජිත් පේ‍්‍රමදාස ගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසිනි.

අත්අඩංගුවට පත් සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකුද වන අතර ඔහු පාතාල නායක අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ සාමාජිකයෙකු බවද සදහන්ය.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.