ව්‍යාපාරික

යහපාලන බැඳුම්කර මගඩිය හිලවු කරන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

තවතවත් ජනාධිපති කොමිසම් සභා පත්කරන ලෙසත් ඒවා මගින් රාජපක්ෂ පාලන කාලයේ තොරතුරු විමර්ශනය කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 22 වන දින කළ ප්‍රකාශයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය මේ ඉල්ලීම් පසුපෙළ මන්ත්‍රීන්ගේ ඉල්ලීමක් ලෙස ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග “ලංකාසිටිසන්“ වෙත පැවැසීය.

මේ ආකාරයට විමර්ශනය කරන්නේ නම් රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ බව කියන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හා වත්මන් යහපාලනය යටතේ සිදුවූ බැඳුම්කර පාඩුව සංසන්දනය කොට පෙන්වා එක්සත් ජාතික පක්ෂයට එල්ලවී ඇති චෝදනාවන්ගෙන් නිදහස්වීමට හැකි බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

Post Comment