ආකර්ශණීය

අපේ තේටික යලි ගන්නවාට අපි තුටින් : ඔබට බොහෝම පිං මැතිසඳ පුටින්

ශ‍්‍රී ලංකාවට පනවන ලද තේ තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන රුසියාවට හිතෛෂීයව ස්තුති කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර රාජතාන්ත‍්‍රික කටයුතු සැමවිටම ආදර්ශවත් බවත් තේ අපනයනය සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම මෙම මිත‍්‍රත්වයට හොඳ උදාහරණයක් බවත්ය.

ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගෙන ඇති බවත් රුසියාව වෙත සුහදශීලීව ස්තුති කරන බවත් ඔහු සඳහන් කර ඇත.