විදෙස්

කොස්ට රිකා ගුවන් අනතුර 12ක් බිලිගනී

කොස්ට රිකා රජ්‍ය ගුවන් සීමාවේදී ඊයේ (2017 දෙසැම්බර් 31) රාත්‍රී සිදුවූ ගුවන් අනතුරකින් 12 දෙනෙක් මරුමුවට වැද සිටී.

මේ අය අතරින් එකම පවුලේ පස්දෙනෙක් සමග ඇමෙරිකානුවන් (“multiple US citizens”) දස දෙනෙක් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයෙක් සනාත කොට තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ Cessna 208B Grand Caravan නම් පුද්ගලික ගුවන් සමාගමක ගුවන් යානයකි. භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම අභ්‍යන්තර සේවාවන් වෙනුවෙන් 1984 සිට ස්ථාපිත මේ ගුවන් සේවය ජනප්‍රිය ගුවන් සේවයකි. යානයේ කාරික දෝෂයක් හටගත් බව පවසා ඉතා සුළුවේලාවකින් යානය ගිනිගත් බවත් තාක්ෂණික දත්ත සාක්ෂි සපයා ඇති බව වාර්තාවෙයි. එහි වනගත ප්‍රදේශයකට යානය කඩා වැටී තිබේ.

Map of Costa Rica

විපතටපත් පවුල්වලට වහාම සලසන බව එහි ජනාධිපති Luis Guillermo Solís පවසයි.

කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා වූයේ අද අලුයම් කාලයේය.

යානයේ කොස්ටා රිකා ජාතික ගුවන් නියමුවා, සහය නියමුවා සහ ඇමරිකානු ජාතිකයින් 10දෙනකු ගමන් කර ඇත. මෙහි එකම පවුලක සාමාජිකයින් පස්දෙනකු ද ගමන් කර ඇති බව ගුවන් සේවා බලධාරීහු පවසති.

යානය සැන් ජෝස් සිට පට්නා ඉස්ලිටා වෙත ගමන් කරමින් තිබියදී බෙජුකෝ පෙදෙසේදි අනතුරට ලක්වී ඇත.

අනතුරට හේතුව පැහැදිලි නොමැත් බවත් යානය ගුවන් ගත වී සුළු මොහොතකින් කඩාවැටී ඇති බවත් ගුවන් සමාගම පවසයි.

කොස්ටා රිකාහි ශාන්තිකර වෙරළ තීරයේ පිහිටි පට්නා ඉලිස්ටා වෙරළ උතුරු ඇමරිකානු සහ යුරෝපියානු සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි.

 

 

 

Post Comment