ප්‍රධාන

බැඳුම්කර කොමිසං වාර්තාව රටට හෙළිකිරීමට පෙර අගමැති රනිල් නීතිපති හමුවෙයි

බැඳුම්කර කොමිසම මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වුවත් එම වාර්තා සනාථ කළ නොහැකි බව ද පුවත්පත පවසයි.

මේ අතර බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අත් වූ අලාභයට වගකිවයුත්තන් ගෙන් එම අලාභය අය කරගත යුතු යයි කොමිසම නිර්දේශ කර තිබෙන බව යහපාලන හිතවාදී වෙබ් අඩවියක් මේ අතර පවසා ඇති බව විදෙස් මාධ්‍යයක් ද වාර්තා කැර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිපති ජයන්ත ජයසූරිය සමග අඟහරුවාදා (2018 ජනවාරි 02) සාකච්ඡා කිරීමට නියමිත බව ද වෙබ් අඩවිය වාර්තා කරයි.

Post Comment