ආකර්ශණීය

බැඳුම්කර කොමිසං වාර්තාවට මැතිවරණ කොමසාරිස් හරස් කරවන සැලැස්මක් ?

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  කිරීමට සූදානම් වන ප‍්‍රකාශය නවතා ලීම සඳහා නීතිමය කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තවත් ප‍්‍රබලයෙකුට උපදෙස් දී තිබේ.

මැතිවණයක් පැවැත්වෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කිරීම සූදානම් වන මෙම ප‍්‍රකාශය හේතුවෙන් තම පාර්ශවයට අවාසි සහගත ලෙස බලපාන්නේ යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී දන්වන ලෙසත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ඔහු ලබා බලපෑම් කර නවතා ගන්නා ලෙසත් එම ප‍්‍රබලයා කොළඹ ප‍්‍රබලයාට දන්වා ඇත.

කෙසේ වෙතත් කොළඹ ප‍්‍රබලයා මේ සම්බන්දයෙන් මෙතෙක් ක‍්‍රියාක්මක වූ බවක් පෙනෙන්නට නැත්තේ මැතිවරණ කොමිසම හෝ එහි සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට අදහස් කරන ප‍්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේ පාර්ශවයට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කර නැති නිසාය.

මේ අතර ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට යන්නේ යයි කියන ප‍්‍රකාශය ගැන අදාල චෝදනා එල්ල වී ඇති ප‍්‍රබලයා ඇතුළු පිරිස දැඩි තැති ගැන්මකට ලක්ව සිටින බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වනවිට සිය තනතුරුද අහිමිව දෝෂයන්ට ලක්ව සිටින එජාප ප්‍රබලයෙක්ට මේ හේතු කිසිවක් බලනොපාන වාතාවරණයක්ද උදාවී ඇතැයි ද කසු කුසු පැතිරයමින් තිබේ.

Post Comment