දේශීය

බරපතළ වංචා දූෂණ සෙවීමේ කොමිසම් අවසන් වාර්තාව ජනපති අතට

බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (2018 ජනවාරි 02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත බාර දී තිබේ.

පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග, පී.ඒ. පේ‍්‍රමතිලක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද මෙම අවස්ථාවට එක් විය.

Post Comment