ප්‍රධාන

පොහොට්ටුවේ තමාගේ භූමිකාව හා තම රුව යොදාගැනීම ගැන මහින්දගේ නිල ප්‍රකාශය

පළාත් පාලන ඡන්දයේදී බොහෝ දෙනෙකුට තම රූපය අවශ්‍යව ඇතිමුත් එහි සැබෑ හිමිකරුවන් පොහොට්ටුව ලාංඡනයෙන් තරගවදින අපේක්ෂකයින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ ආරම්භක උත්සවය අද(2018 January 02) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයී.

ඒ රට වනසන ආණ්ඩුව පන්නමු – යළිත් අපි රට හදමු යන තේමාව මුල් කරගනිමින්.

සමාරම්භක උළෙල ඇරඹුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්.

උත්සවය සඳහා මහාසංඝරත්නය ඇතුළු ආගමික නියෝජිතයින්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියේය.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම,චමල් රාජපක්ෂ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩලස් අලහප්පෙරුම,පවිත්‍රා වන්නිආරච්චි,සී.බී.රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු,එස්.එම්.චන්ද්‍රසේන,මහින්ද යාපා අබේවර්ධන,මහින්දානන්ද අලුත්ගමගේ,ගාමිණී ලොකුගේ,බන්දුල ගුණවර්ධන,දිලුම් අමුණුගම,රමේෂ් පතිරණ,රොෂාන් රණසිංහ,විමලවීර දිසානායක,ප්‍රසන්න රණතුංග,ප්‍රියංකර ජයරත්න,කෙහෙළිය රඹුක්වැල්ල,විදුර වික්‍රමනායක,ශෙහාන් සේමසිංහ,කනක හේරත්,ඩී.වී.චානක,රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එහි පක්ෂ නායකවරුන් වෙත ප්‍රදානය කිරීම සිදු කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ය.

Post Comment