දේශීය

පාතාලයෝ මහදවල් 4 කට වෙඩි තබති : 2 කට බරපතලයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ – නාගලගන්වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (2018 ජනවාරි 02) පස්වරු 04.30 ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව  රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන සිදු කරයි.