දේශපාලන

මෙන්න යහපාලනේ : ඇමති සංතෝෂම් බෙදන හැටි

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණ මෛත්‍රීගේ රාජකාරී අවසන් වනතුරු බලා සිටිනු මෛත්‍රී දුටුවේය.

මොකද ලක්ෂමන් අදත් කපුකමකට මේ පැත්තේ ආවාද මෛත්‍රී ඇසුවේ ලක්ෂ්මන් යාපා මේ දිනවල දේශපාලන කපුකම් කිහිපයකටම අත ගසා ඇති නිසාය.

මම ජනාධිපතිතුමා හමුවෙන්න ආවේ වෙන දෙයක් නිසා ලක්ෂ්මන් යාපා කීවේය.
ඒ මොකද මෛත්‍රී ඇසුවේය.

දකුණු පළාත් සභාවේ ක්‍රීඩා ඇමැතිකම අපිට නැතිවෙන්න යනවා ලක්ෂ්මන් යාපා කීය.

මම ‍පොළොන්නරුවට වගේ ඔයත් මාතරට මොනවා හරි ගන්න තියෙනවා නම් ඒක අතාරින්නේම නෑ නේ. අපි ඒ ඇමැතිකම රන්දිම ගමගේට දෙනවා මෛත්‍රී ඇසුවේය.
දැන් අවුරුදු ගානක් තිස්සේ මහ ඇමැතිකම ගාල්ලට දීලා තියෙන්නේ. මහ ඇමැතිකමට අමතරව තවත් ඇමැතිකමක් ලැබුණම මාතරට මොනවත් නැති වෙනවා ලක්ෂ්මන් යාපා කරුණු පැහැදිළි කළේය.

එහෙනම් ඒක මනෝජ් සිරිසේනට දෙමු ලක්ෂ්මන් යාපාගේ කතාව අසා සිටි මෛත්‍රී කීවේය.

රන්දිමට පළාත් සභාවේ ඇමැතිකමකුත් පියසේන ගමගේට රාජ්‍ය ඇමැති ධුරයකුත් ලබාදීමට යෝජනා වී තිබුණේ පියසේනට කැබිනට් ඇමැතිකම් ලබාදීමට නොහැකි නිසාය. තමන්ට රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදෙනවා නම් පුතාට පළාත් සභාවේ ඇමැති ධුරයක් හිමිවිය යුතු බව ඔහුගේ ඉල්ලීම වී තිබුණි.

අපි රන්දිමට පළාත් සභාවෙ වෙන වගකීමක් දෙමු අවසානයේදී මෛත්‍රී තීරණය කළේ සියලු දෙනාගේම සිත් සතුටු කරමිනි.

  • lakbima

Post Comment