දේශීය

සයිටම්-ස්ලිට් අවුල : වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය හෙට රැස් වෙයි

ඉදිරියේදී ගනු ලබන තිරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා හෙට (2018 ජනවාරි 07) දිනයේ තම සංගමයේ විධායක සභාව රැස්වීමට නියමිත බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමාපිය සංසදය පවසයි.
ඒ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි සඳහන් කළේ රජය විසින් මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඒකාබද්ධ කර ගනිමින් නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.
එය තම සංගමයට ලබාදුන් පොරොන්දු අභිබවා යාමක් බවද එම සංසදය සදහන් කළේය.

Post Comment