ආකර්ශණීය

බැඳුම්කරේ සිරිසේන පිටපතේ හොඳපිට හරවන්න රවී කැසපට ගසයි

පිටු දහස් ගණනක වාර්තාවකින් නම් දෙක තුනක් පමණක් උපුටා දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ කතාවෙන් අනතුරුව ආන්දෝලනාත්මක බැඳුම්කර කොමිසන් වාර්තාවේ ගමන්මග විවිධ විවේචනයන්ට බඳුන්වෙමින් තිබේ. මෙහි අලුත්ම පියවර වන්නේ, හිටපු මුදල් ඇමති රවි කරුණානායක විසින් බැඳුම්කර කොමිසන් වාර්තාවේ පිටපතක් තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටීමයි. ඔහු මේ ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ලේකම් වරයාගෙනි.

මහා බැංකුවේ මහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා ලෙස මහබැංකු විශයය භාර ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දෙස් විදෙස් බහුතර විචාරකයින්ගේ චෝදනා ගොනු වෙද්දී, රවී කරුණානායක මන්ත්‍රීවරයා පිළිබඳව පමණක් විශේෂ කොට නම් සඳහන්කිරීම මෙසේ පිටපතක් ඉල්ලා සිටීමට ආසන්නම හේතුව විය හැකි බව අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් රවී කරුණානායක මන්ත්‍රීවරයා අල්ලස් චෝදනාවකට හසුකිරීම බැඳුම්කර වාර්තාව හා කෙලෙස සම්බන්ධ වන්නේද යන්න ප්‍රශ්නකිරීමට රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නීතීඥයින් සූදානම්වන බවට මීට පෙර වාර්තා වී තිබුණි.

Post Comment